IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මිනිත්තු 20 ක් ඇවිදින්න

දිනකට අමතර පියවර 2000ක් ඇවිදිය හැකිනම් හෘදයාබාධ වලින් වැළකි සිටිය හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති.

ව්‍යායාම කිරීම විනාඩි 20ක් සාමාන්‍ය වේගයෙන් ඇවිදීමට සමකළ හැකියැයි ලැන්සෙටි වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්කැර ඇති පර්යේෂන වාර්ථාවක දැක්වේ.

එහි දැක්වෙන්නේ දිනකට අමතර පියවර 2000ක් ඇවිදිමින් එය වසරක් පුරා ක්‍රියාවට නංවන අයකුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවයි.

ලිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ දියැවඩියා පර්යේෂණ ඒකකයේ ප්‍රධානී තෝමස් යේටීස් සිදුකළ මේ පර්යේෂණයට අමතරව ඔහු සඳහන් කරන්නේ දිනකට මිනිත්තු 40ක් පියවර 4000ක් ඇවිද යන පුද්ගලයකුට ලැබෙන ප්‍රතිලාභය දියවැඩියා රෝගියකුගේ එක් බෙහෙතේ වේලකට සමාන බවයි.

පර්යේෂකයන් පෙන්වාදෙන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකරන ඖෂධ වලින් අතුරු ආබාධ ඇතිවුව ද ඇවිදීමෙන් අතුරු ආබාධ කිසිවක් නොමැතිව කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් දියවැඩියාවෙන් ද වැළකී සිටිය හැකි බවයි.

මේ අධ්‍යයනය සඳහා රටවල් 40 ක වැඩිහිටියන් 9306 ක් යොදාගෙන තිබිණි.

ඔවුන් අතිරින් 531 දෙනෙක් හෘදයාබාධ තත්ත්වයන්ට ලක්වූවෝ වෙති. අධ්‍යයනය සඳහා යොදා ගැනීමේ දී ඔවුන් හෘදයාබාධ අවදානමෙන් මිදී තිබුණු බව ද වාර්තා වෙයි.

එක්සත් රාජධානියේ දියවැඩියාව සම්බන්ධ කටයුතු කරන එක්සත් රාජධානියේ ස්වේච්ඡා සේවා ආයතනයේ පර්යේෂණ සන්නිවේදන නිලධාරි වෙද්‍ය රිචඩි එලියට් පවසන්නේ භෞතික ක්‍රියාකාරකම් මගින් හෘද රෝග, ආඝාත තත්වයන් සහ විශේෂයෙන්ම දෙවැනි වර්ගයේ දියවැඩියාව වළක්වා ගත හැකි බවයි.

 



අදහස් (0)

මිනිත්තු 20 ක් ඇවිදින්න

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:47 PM

ඒ ගොල්ලෝ හදවත බේරගන්න ඇවිදිනවා. අපි බඩ ගින්දර නිවාගන්න දවසෙම දුවනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site