නෙල්සන් මැන්ඩෙලාගේ දේහය මේ වන විට ප්‍රිටෝරිය නුවර යූනියන් රාජ්‍ය ගොඩනැගිල්ලට රැගෙන ගොස් ඇති අතර එහිදි රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ දෙනකු මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.
මැන්ඩෙලාගේ දේහය යූනියන් ගොඩනැගිල්ලේ දින තුනක් තැන්පත් කර තැබෙනු ඇත.
මැන්ඩෙලාගේ දේහය සහිත මංජුසාව රාජ්‍ය නායකන්ට ගෞරවය දැක්වීම සඳහා විවෘත කර ඇති අතර මැන්ඩෙලාගේ දේහයට ප්‍රථමයෙන්ම ගෞරව දැක්වූයේ මැන්ඩෙලාගේ පවුලේ සාමාජිකයන්ය. ඉන් අනතුරුව දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ දේහයට ගෞරව දැක්වූයේය.
දේහය තැන්පත් කර තිබූ මංජුසාව දකුණු අප්‍රිකා ධජයකින් ඔතා තිබූ අතර දේහය ප්‍රිටෝරියහි යූනියන් ගොඩනැගිල්ලට රැගෙන යන මග දෙපස විශාල ජනකායක් රැස්ව සිටියහ.
සොකර් සිටි පාපන්දු ක්‍රීඩාංගනයේ සිට ප්‍රිටෝරියා නුවරට මැන්ඩෙලාගේ දේහය රැගෙන යනු ලැබුවේ විශේෂ රථ පෙළපාලියකිනි. එම දෙපස ආරක්ෂක අංශ සාමාජිකයන් සිරුවෙන් සිට මැන්ඩෙලාගේ දේහයට ආචාර කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(විදෙස් මාධ්‍ය ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
87
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැන්ඩෙලාගේ දේහය ප්‍රිටෝරියා නුවරට
සුජී Thursday, 12 December 2013 03:29 PM
ඔබ ලොවටම ආදර්ශමත් නායකයෙකි. (ස)
අමිල කටුනායක Thursday, 12 December 2013 03:37 PM
ඔය රටට ලෝකයේ ගෞරවනීය ස්ථානයක් අත් කර දුන් කෙනෙක්. දැන් ඉන්න නායකයෝ රට කනවා.(නදී)
දිසානායක Thursday, 12 December 2013 08:29 AM
රටක නියම නායකයෙක් ..අපේ නායකයෝ දැන්වත් ඇස් ඇරගෙන මෙවන් ආදර්ශමත්ලෝක නායකු ගෙන් පාඩම් ඉගෙන රට කරවනවා නම් අගෙයි .මැන්ඩෙලා යුග පුරුෂයාණනි ;ඔබට මොක් සුව පතමි ! (ස)
දීප්ත Thursday, 12 December 2013 09:22 AM
ඔබතුමා හොඳ මිනිසෙක්.ඔබතුමාට නිවන් සුව!!! (ස)
දයා අලහකෝන් Thursday, 12 December 2013 10:36 AM
කලාතුරකින් ලොව පහල වන උතුම්, ශ්‍රේෂ්ට නායකයෙක්.ලෝකයෙන් නික්ම යනු දැකීම දුකයි. අමාමහ නිවන් සුවෙන් සැනසේවා....!!!! (ස)
හේමන්ත Thursday, 12 December 2013 11:09 AM
මානව හිතවාදී නායකයාණෙනි, ඔබට නිවන් සුව පතමි. (ස)
විජේසිංහ Thursday, 12 December 2013 07:09 PM
ඔබතුමාට නිවන් සුව! (නි)
කුමාර් Thursday, 12 December 2013 01:06 PM
මැන්ඩෙලා දෙවියන්ගෙන් ලැබූ ජීවිතය ඵලදායී ලෙස ලොවට හා මිනිස් සංහතියට දුන්නා. (නි)
ශ්‍රීනා Thursday, 12 December 2013 03:15 AM
ඔබතුමා හොද මිනිසෙක්.ඔබතුමාට නිවන් සුව! (නි)