IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාධ්‍යවේදී කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමලා

ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමන්නට ඇතැයි තුර්කි පොලිසිය විශ්වාස කරයි. 

පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් තුර්කියේ රාජ්‍ය පුවත් සේවය වන අන්දොලු පුවත් සේවය ඒ බව වාර්තා කර ඇත. 

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයකු ලෙස සැලකෙන ජමාල් කශොග්ජි ඝාතනය කෙරුණු පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදාය. තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඔහු ඝාතනය කෙරුණු අතර සෞදියේ ඒ කණ්ඩායමක් එම ඝාතනය කළ බව අනාවරණය විය.  

කොන්සියුලර් කාර්යාලය තුළ ළිං දෙකක් තිබූ බවත් උඳුනක් තිබූ බවත් අනාවරණය වී තිබේ. උඳුනට අංශක 1,000ක දක්වා දාහය නිපදවිය හැකි බවත් එම උෂ්ණත්වය යටතේ ඕනෑම ඩී.එන්.ඒ අංශුවක් විනාශ කළ බවත් පොලිස් වාර්තාව උපුටා දක්වමින් අන්දොලු පුවත් සේවය වාර්තා කර ඇත. 

රොයිටර් ඇසුරිනි

055



අදහස් (0)

මාධ්‍යවේදී කශොග්ජිගේ සිරුරේ කොටස් පුළුස්සා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site