ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සියළු ලෝ වැසියන් මවිතයට පත්කරමින් පකිස්ථානයේ හදිසි සංචාරයක නිරතවූයේය. ඒ පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මුණගැසීමේ අපේක්ෂාවෙනි. 2004 වර්ෂයෙන් පසු ඉන්දීය අගමැතිවරයකු පකිස්ථානයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. ඇෆ්ගනිස්ථානයේ සංචාරයක් නිමවා ඉන්දියාවට එන අතරතුර දී ඔහු මෙලෙස පකිස්ථානයට ගොස් ඇත.
ඉන්දීය අගමැතිවරයා පකිස්ථානයට පැමිණි දිනයේ දී පකිස්ථාන අගමැතිවරයාගේ උපන්දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි. න්‍යෂ්ඨික ආයුධ සතුව ඇති ඉන්දියාවත් පකිස්ථානයත් අතර පසුගිය වසර කිහිපයේ ඉදිරිවාදිකම් වැඩි වුව ද මිත්‍ර සම්බන්ධතා ද වැඩි වී තිබීම විශේෂත්වයකි. පසුගිය දා ප්‍රංශයේ පැවති ජාතත්‍යන්තර කාලගුණික සමුළුවේ දී ද මේ දෙදෙනා සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ මෙවන් මිත්‍ර සම්බන්ධතා රටවල් දෙක අතර හොඳ හිත වර්ධනය කරමින් එදිරිවාදිකම් දුරැලීමට හේතුවක් වනු ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි ලෝකය ම පුදුම කරයි
රිචි බාලසුරිය Friday, 25 December 2015 08:15 PM
මේ ඉන්දීය අගමැති මෝදිත් එහෙනම් අපේ සමහරු වගේ ලෝකය පුදුමකරන දේවල් කරනවනේ (නි)
අබය Friday, 25 December 2015 09:56 PM
මේ වගේ වැඩ වලින් මිත්‍රත්වයේ සංකේත රාජ්‍යය වන ඇමරිකාවේ හොඳ හිත තමයි පළුදුවන්නේ. (නි)