දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් වහා නිදහස් කරන්නැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යම රජයට බල කරමින්, නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාව පැවැත්වූයේ නවදිල්ලි අගනුවර රාම්ලීලා ක්‍රීඩාංගනයේදීය. දහසකට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් සහ විපක්ෂ ආධාරකරුවන් ඊට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතාව සංවිධානය කර තිබුණේ ඉන්දීය විපක්ෂ සන්ධානයයි. ඉන්දීය විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයයි. කෙජ්රිවාල් නියෝජනය කරන, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින ‘ආම් ආද්මී’ පක්ෂය, ඉන්දීය විපක්ෂ සන්ධානයේ හවුල්කරුවෙකි.
ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයට ‘ඉන්දියා’ යන නමින් හැඳින්වෙන විපක්ෂ සන්ධානය ඉදිරිපත් වෙන්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වීමේ අරමුනින්ය.
55 හැවිරිදි කෙර්ජිවාල් දූෂණ විරෝධියෙකි. ඔහු සහ ඔහුගේ ‘ආම් ආද්මී’ පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ බලය අල්ලාගෙන සිටින්නේ ද දූෂණ විරෝධී දේශපාලනඥයකු ලෙස ජනතා පැසැසුමට ලක් වූ බැවිනි. කෙසේ නමුත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය, කෙජ්රිවාල් අත්අඩංගුවට ගත්තේ, දූෂණ චෝදනා සම්බන්ධයෙනි. ඒ, පසුගිය මාර්තු 21 වැනිදාය. කෙජ්රිවාල් ඇප ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වූ අතර ඔහු දිගටම පොලිස් අත්අඩංගුවේ රඳවා ගැනුණි.
එල්ල වන සියලු චෝදනා කෙජ්රිවාල් ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට විරුද්ධය දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවන බවටත් අග්‍රාමාත්‍ය මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂ’ රජය ඒ පසුපස සිටින බවටත් දිල්ලි මහ ඇමැති චෝදනා කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි රජයට එරෙහිව නවදිල්ලියේ විරෝධතා