ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි මාසයේදී නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් එරට සිවිල් සේවයේ සිටින ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුම ඔවුන්ගේ ධුරවලින් ඉවත්වනු ඇතැයි පරිපාලනයට සම්බන්ධ ආරංචි මාර්ග කිහිපයක්ම සඳහන් කරයි.
ආසන්න වශයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අට දෙනකු පමණ වෙනත් දෙපාර්තමේන්තුවලට මාරුවීමක් හෝ කලින් විශ්‍රාම යෑම සඳහා ඉල්ලීම් කර ඇතැයි මෝදි පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙක් කීහ.
එම නිලධාරීන් තිදෙනා අග්‍රාමාත්‍ය කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ අතර ඔවුහු තිදෙනා මෙම කරුණ සම්බන්ධයෙන් ඇති සංවේදීතාව නිසා නම් ඔවුන්ගේ නම් සඳහන් නොකළහ.
ප්‍රාන්තයක ප්‍රධාන නගරයක හෝ වෙනත් රැකියාවට හෝ මාරුවීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින එම නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙක් කීය.
අමාත්‍යාංශය කිහිපයකම නිලධාරීන් වෙනත් රැකියාවකට හෝ වෙනත් අංශයකට හෝ මාරු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔවුහු කීහ.
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් 25 දෙනෙක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරති. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ එය ආණ්ඩුවේ බලවත්ම දෙපාර්තමේන්තුව බවට පත්ව ඇත.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදි දින්නොත් ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් පිරිසක් තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක