ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, දෙදින නිල සංචාරයක් සඳහා අද (3) බෲනෙයි රාජ්‍යය බලා යෑමට නියමිතය.
බෲනෙයි යනු අග්නිදිග ආසියාවට අයත් කුඩා මුස්ලිම් රාජ්‍යයකි.
බෲනෙයි පිහිටා ඇත්තේ බෝනියෝ දූපතේ කොටසක් ලෙසය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනෙයි බලා යන පළමු අවස්ථාව මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බෲනෙයි බලා යන්නේ, බෲනෙයි පාලක සුල්තාන් හසන්නාල් බොල්කියාගේ විශේෂ ඇරැයුමකට අනුවය.
ඉන්දියාවත් බෲනෙයි රාජ්‍යයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වී වසර 40 ක් සපිරෙන අතර, මෝදිගේ සංචාරය සිදුවන්නේ ඊට සමගාමීවය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෝදි අද බෲනෙයි රාජ්‍යයට