වෙනිසියුලා ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති නිකලස් මදුරෝට තෙවැනි වරටත් ජන වරමක් හිමිවිය.
ඒ, ඊයේ (28) පැවැති ජනාධිපතිවරණයෙන් මදුරෝ සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂය සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමත් සමඟය.
නිකලස් මදුරෝ යනු, වෙනිසියුලානු අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයාය. මදුරෝ, මීට වසර 11 කට පෙර, වෙනිසියුලාවේප ජනපති ධුරයට පත්වූයේ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැති ජනාධිපතිවරණයෙනි.
මදුරෝට අභයෝග කිරීමට විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලේස් උරුටියා උත්සාහ ගත් නමුත් සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. විපක්ෂ නායක එඩ්මුන්ඩෝ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් පිහිටුවූ සන්ධානයෙනි.
දශක ගණනක් තිස්සේ වෙනිසියුලාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටී. ඇමෙරිකාව ද වෙනිසියුලායට සම්බාධක රැසක් පනවා ඇති අතර, ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට එය හේතුවක් බව පැවැසෙයි.
මේ වනවිට මිලියන 7 කට වැඩි වෙනිසියුලානුවන් පිරිසක් රට හැර ගොස් තිබේ. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කීරීමට මිලියන 21 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මදුරෝට තෙවැනි වරටත් ජනවරමක්
ලුම්බිණි Monday, 29 July 2024 11:53 AM
තමන්ට ඕන විදියට චන්ද ගණන් කර ගත්තම කොහොමත් දිනුම්.
සත්‍යා Monday, 29 July 2024 12:18 PM
මදුරෝගේ බලයට පත්වීම විසින් පෙන්නුම් කරන්නේ ඉදිරි ජනපතිවරණයෙන් ඒ හා සමාන ප්‍රතිපත්ති ඇති අනුර දිසානායක දිනන බවකි. එසේම ආර්ජන්ටිනාවට මෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාවට ද එළඹෙන්නේ ආර්ථික අවපාත කාලයකි.
fairoos Monday, 29 July 2024 02:10 PM
අනේ සත්‍ය මෙච්චරකල් රට කරපු අයගේ ප්‍රතිපත්ති නියමයි නේද ?මෙහෙමත් වහල්ලු ඉන්නවානේ තවත්
සොරිසේන Monday, 29 July 2024 02:15 PM
සත්‍යාගේ මිථ්‍යා!