IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මෝදිට ඉහළම ගෞරව සම්මානයක්

භූතානයේ නිල සංචාරයක නියැලෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා භූතානයේ තිම්පු අගනුවරට පැමිණියේ ද භූතාන රජුගේ ඇරැයුමක් පිළිගනිමිනි. මීට දින කීපයකට පෙර, භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ නවදිල්ලියේ සංචාරය කළේය.

භූතානයට පැමිණෙන්නැයි භූතාන රජු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ, භූතාන අග්‍රාමාත්‍යවරයා හරහාය.

ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මෝදි මෙම දිනවල ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි.
එවැනි අවස්ථාවක වුවත්, තම ආරාධනාව පිළිගනිමින් භූතානයට පැමිණීම භූතාන රජුගේ පැසැසුමට හේතුවක් විය.

ඉන්දියාව සමෘද්ධිය කරා රැගෙන යන අග්‍රාමාත්‍ය මෝදි සුවිශේෂී නායකයකු බව පවසමින්, භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට පිරිනැමීමට ද භූතාන රජු කටයුතු කළේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

මෝදිට ඉහළම ගෞරව සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site