IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණයට දිනයක් ඉල්ලා නව ජනපති හසන්ට බලපෑම්

කඩිනමින් මැතිවරණයක් පවත්වන බව මාලදිවයින් නව ජනාධිපති වහීඞ් හසන් කළ ප‍්‍රතිඥාවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන්නැයි බලකරමින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඊයේ (19) ද මාලේ අගනුවර ජන රැලියක් පැවැත්වීය. එම ජන රැලියට එක්වෙමින් හිටපු ජනාධිපති නෂීඞ් කියා සිටියේ මාලදිවයිනේ ජනතාව මහ මැතිවරණයක් පවත්වන තුරු බලා සිටින බවත් එම දිනය උදාවනතුරු ඔවුන් අපේක්ෂා දල්වාගෙන සිටින බවත්ය. හසන්, ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ හදිසි මැතිවරණයකට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් වත්මන් රජයේ නිල කාලය අවසන් වන තෙක් මැතිවරණයක් නොපවත්වන බවත්ය. රජයේ නිල කාලය අවසන් වන්නේ 2013 දීය. එහෙත් කඩිනම් මැතිවරණයක් ඉල්ලා හිටපු ජනපති නෂීඞ් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වීමත් හේතුවෙන්   2013 ට පෙර මහ මැතිවරණය පැවැත්වීමට එකඟවීමට ජනාධිපති හසන්ට සිදුවිය. හමුදා කුමන්ත‍්‍රණයකින් තමා බලයෙන් පහ කළ බවට චෝදනා කරන හිටපු ජනාධිපති නෂීඞ් පවසන්නේ මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමට නව ජනාධිපති හසන් ගත් තීරණය ගැන තමන් සතුටු වන බවය. මේ අතර හිටපු ජනාධිපති නෂීඞ් දිගින් දිගටම ජනතා රැලි පැවැත්වුවහොත් රට අභ්‍යන්තරයේ තවත් කැලැඹිලි ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර ප‍්‍රජාව අනතුරු අඟවා ඇති නමුත් නෂීඞ්ගේ රැලිවල අඩුවක් දකින්නට නොලැබෙන බව මාලදිවයින පුවත් සේවා වාර්තා කරයි. එය මාලදිවයිනේ හටගෙන ඇති අර්බුදය තවත් උග‍්‍ර කිරීමට හේතු වනු ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයෝ බිය පළ කරති. මාලේ අර්බුදය හටගත්තේ ඉකුත් 7 වැනිදාය. ඒ, විපක්ෂයේ විරෝධතා මැද මොහොමඞ් නෂීඞ් බලයෙන් ඉවත් වීමට සිදුවීමත් සමඟය. නෂීඞ් ජනපති ධුරයෙන් ඉවත් වූයේ උප ජනපතිව සිටි හසන්ට බලය පවරා දීමෙනි. නෂීඞ් පවසන්නේ තමන්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට ආරක්ෂක අංශ බල කළ බවත් කුමන්ත‍්‍රණයක් සිදුවූ බවත්ය. එම කුමන්ත‍්‍රණයට හසන්ගේ ද සම්බන්ධයක් ඇතැයි නෂීඞ් චෝදනා කර තිබේ.



අදහස් (0)

මැතිවරණයට දිනයක් ඉල්ලා නව ජනපති හසන්ට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site