මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර විදේශිකයන් කිහිප දෙනකු ද සිටින බවත් මැඩගස්කර් නීතිපති බර්තීන් රසාෆිරිවොනි මාධ්‍ය හමුවේ පවසා තිබේ.
පිරිස අත්අඩංගුවට ගනිමින්, ජනාධිපති ඝාතන සැලැස්ම ව්‍යර්ථ කිරීමට හැකිවූයේ ජාතික ආක්ෂාව සම්බන්ධයෙන්, පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනයකින් පසුව යැයි ද නීතිපතිවරයා පැහැදිලි කර තිබේ.
ඝාතන සැලැස්ම ව්‍යර්ථ කරමින්, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් කළ සියලු දෙනා අල්ලා ගැනීමට ද පොලිසිය සමත් වූ බව නීතිපතිවරයා පැහැදිලි කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
සැකකරුවන් ජනාධිපතිවරයා පමණක් නොව, මැඩගස්කරයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කීප දෙනකු ද ඝාතනය කිරීමට සැලැසුම් කර ඇතැයි ද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වූ බව නීතිපති බර්තීන් රසාෆිරිවොනි වැඩි දුරටත් පවසා තිබේ.
අත්අඩංගුවට ගත් විදේශ සැකකරුවන් කුමන රටවල පුද්ගලයන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඊට අමතරව, ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා සහ දේශපාලනඥයන් ඝාතනය කිරීමට සැලැසුම් කර තිබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද විස්තර මාධ්‍ය වෙත නිකුත් කර නැත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මැඩගස්කර් ජනාධිපති ඝාතන තැත වරදී