(තිළිණි ද සිල්වා)
මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.
ඒ අනුව මැඩගස්කරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීම සදහා විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇතැයිද සදහන් වේ.
ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2001 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, දැනට සීෂෙල්ස්හි වික්ටෝරියාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැඩගස්කරය සඳහා සමගාමීව අක්තගන්වා තිබේ.
ශ්‍රී ලංකාව සඳහා ආර්ථිකමය වශයෙන් එරට පවතින අවස්ථාවන් සහ මැඩගස්කරයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යයතා සඳහා එරට කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම යෝග්‍ය බව තහවුරු වී ඇති බැවින් මෙලෙස අලුතෙන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී ඇත.
මෙරට මැණික් ව්‍යාපාරිකයින් රැසක් මැඩගස්කරය සමග සිය ව්‍යාවපාර අයෝජනයන් සිදු කරමින් සිටිති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මැඩගස්කරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට යයි
rocky Monday, 11 January 2021 12:43 PM
රාවණාගේ කාලයේදී ‘මඩ-ගස්-කරය‘ ලෙස හැඳින් වූ බවත්, අපේ රටින් කොටසක් මුහුදු බත් වුණු අවස්ථාවේදී ඉතිරි වුණු බිම් කොටසක් බවත් ඇතැම් හෙළයෝ කියනවා. ඒක නිසා ඒ රටට හෙළහවුලේ කෙනෙකු හොයනවා නම් හොඳයි නේද?