IMG-LOGO

මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අලුත් වෙයි

මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
 
මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින පුද්ගලයාත් ඔහු හෝ ඇය වටා සිටින පිරිසත් ආරක්ෂා කරන බව එම මධ්‍යස්ථානය මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් සඳහන් කරයි.
 
මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් තවමත් සමාජයේ කතාබහ පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනටත් විවිධ අධ්‍යයන සහ පර්යේෂණ කෙරෙමින් පවතී.
 
මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් මේ වනවිට ර්‍'විශ්වීය මුඛ ආවරණ පැලඳීමේ” ප්‍රතිපත්තියක් ද නිර්මාණය වී තිබේ.
 
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා දිනයේදී වයිරස ආසාදිතයන් 135,000කට වැඩි පිරිසක් හඳුනාගත් එය සතියක් ඇතුළත පැය 24ක් ඇතුළත වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගිය තෙවැනි අවස්ථාව විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 10.2 ඉක්මවා ගිය අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 239,000 ඉක්මවා ගියේය.
 
ලබන අප්‍රේල් මාසය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වැසියන්ට නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා නිපදවන එන්නත ලබාගත හැකි යැයි එරට බෝ නොවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි එස්. ෆවුචි සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
 
‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි
055



අදහස් (0)

මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 662 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site