මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි නගරයේ දුම්රිය ගුවන් පාලමක් පහර මාර්ගයට කඩා වැටීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 70 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවෝ ද වෙති. හිටිහැටියේ කඩා වැටී ඇත්තේ නගරය මැදින් දිවෙන දුම්රිය මාර්ගයට අයත් ගුවන් පාලමකි. තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බඑරපතල බවත් මරණ ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
පාලම කඩා වැටෙද්දී මගී දුම්රියක් ඒහි ගමන් කරමින් වූ අතර, පාලමත් සමඟ දුම්රිය මැදිරි පහළ මාර්ගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ මතට පතිත වී තිබේ.
දුම්රිය මැදිරි තුළ සිරවී තුවාල ලැබූවන් පමණක් නොව, පොඩි පට්ටම් වූ මෝටර් රථවල සිරවුණු පිරිස් ද බේරා ගනිමින් රෝහල්ගත කිරීමට මහා පරිශ්‍රමයක් දැරීමට සහන සේවකයන්ට සිදුවුණු බව ද වාර්තා වේ.
මෙක්සිකෝ සිටී (එ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මෙක්සිකෝ දුම්රිය පාලමක් කඩා වැටේ