IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


මෙක්සිකෝවේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 ක් මරුට

මෙක්සිකෝවේ උතුරු දිග සැකටකාස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා තිබේ.

2018 වසරේදී ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් බලයට පත්වීමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව බලධාරීහු කියති.

ගිනි අවියක් සහිතව සිටි රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කු තුනක් සහ පිහි ද බන්ධනාගාරයේ තිබී හමුවී තිබේ.

බන්ධනාගාරය තුළට ආයුධ ගෙනගියේ කෙසේද යන්න සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෙක්සිකෝ රජය පවසයි.

මෙම සිදුවීමෙන් පසු බන්ධනාගාර වල ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද ඔවුහු සඳහන් කරති.

මෙක්සිකෝවේ බන්ධනාගාර වල නිරතුරුවම මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවන අතර 2017 වසරේදී ඇකපුල්කෝ හි බන්ධනාගාරයක සිදු වූ සටනකින් රැඳවියෝ 28 දෙනකු මියගියහ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මෙක්සිකෝවේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුමකින් රැඳවියන් 16 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site