අවි ආයුධ, මත්ද්‍රව්‍ය සහ නීති වරෝධී මුදල් ජවාරම් මැඩපැවැත්වීමේ සැලසුමක් සඳහා මෙක්සිකෝව සහ ඇමරිකාව එකඟවී ඇති බව මෙක්සිකානු රජය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නීතිපති විලියම් බාර් සහ මෙක්සිකෝවේ ඉහළ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම අදහස් පලකර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමටත් ඒවාට ඇබ්බැහි වීම මැඩපැවැත්වීම සඳහාත් රටවල් දෙක එකඟ වූ බව එම නිවේදනයේ සඳහන් වේ.
ආයුධ හා පතරොම් ගෙනයෑම නැවැත්වීම සඳහා දේශසීමාවේ තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධවද සාකච්ඡා කර තිබේ.
මෙක්සිකෝවේ උතුරු දිග ඇමරිකානු - මෙක්සිකෝ සම්භවයක් සහිත කාන්තාවන් නවදෙනකු සහ ළමුන් ඝාතනය කිරීම ඇතුළු ආරක්ෂක අක්‍රමිකතා ගනනාවකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනාත්මකව පවසා සිටියේ මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කරන බවයි.
මෙම තර්ජනයත් සමඟ මෙක්සිකෝව විසින් සාකච්ඡා කඩිනම් කළ බව පැවසේ.
මධ්‍යම ඇමරිකාවේ සිට මෙක්සිකෝවේ උතුරු ප්‍රදේශ වලට සංක්‍රමණිකයන් ගලා ඒම වැළැක්වීම සඳහා දේශ සීමා ආරක්ෂාව දැඩි කිරීම සම්බන්ධව ද සාකච්ඡා කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝව - ඇමරිකාව එකඟතාවයකට