IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මැක්රොන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි සහ අවසන් වටය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ මධ්‍යස්ථමතධාරී ‘ඔන්සොම්බල්’ සන්ධානයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට හෝ  පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට නොහැකි වීම දැඩි පසුබෑමක් වනු ඇති බවය.

ආසන 577 කින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණත්, මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සමන්විත ‘ඔන්සොම්බල්’ සන්ධානයට දිනාගත හැකි වූයේ ආසන 245කි. එය ඡන්ද ප්‍රතිශතයක් ලෙස  සියයට 38.6 කි.

ජනාධිපති මැක්රොන්ට අභියෝගයක් වූ ‘නූපෙස්’ වාමාංශික පක්ෂය හිමි කර ගත්තේ ආසන 131 කි. ප්‍රතිශතයක් ලෙස සියයට 31.6 කි. ‘නූපෙස්’ පක්ෂයට නායකත්වය දෙන්නේ අත්දැකීම් බහුල වාමාංශික දේශපාලනඥයෙකු වන ජෝන් ලූක් මෙලෙන්චොන්ය.

ආසන 131 දිනා ගැනීමත් සමඟ නූපෙස් පක්ෂයට විපක්ෂයේ වඩාත් බලවත් දේශපාලන පක්ෂය වීමට අවස්ථාව හිමිව ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටය පසුගිය 12 වැනිදා පැවැත්වුණු අතර එම අවස්ථාවේදී ද ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුණේ මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවටය.

මැක්රොන්ට අභියොගයක් වූ ‘නූපෙස්’ පක්ෂයට, අන්ත වාමාංශික, සමාජවාදී සහ ස්වාධීන (හරිත පක්ෂය ද ඇතුළු) දේශපාලන කණ්ඩායම්වලින් සහාය හිමිවෙයි. ඒ අනුව, ‘නූපෙස්’ පක්ෂය සහ එහි නායක ජෝන් ලූක් ට පහසුවෙන් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට හැකිවනු ඇති බව පැවැසෙයි.

මේ අතර, අන්ත දක්ෂිණාංශික මතධාරී මරීන් ලා පෙන් නායකත්වය දෙන ‘නැෂනල් රැලි‘ පක්ෂය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දිනාගත් ආසන සංඛ්‍යාව අභිබවා යමින් මෙවර මැතිවරණයේදී ආසන 89 දිනා ගැනීමට සමත් විය.එය ඡන්ද ප්‍රතිශතයක් ලෙස සියයට 17.3 කි. ප්‍රංශ ජනාධිපතිවරණයේ දී මැක්රොන්ට අභියෝගයක් වූ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ද ල පෙන් ය.

ප්‍රංශයේ පසුගිය දශක දෙකකටත් වැඩි කාලය තුළ දෙවැනි වර ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා බවට පත් වුණු ඉමැනුවෙල් මැක්රොන් ඉකුත් අප්‍රේල් මස ලැබූ විශිෂ්ඨ මැතිවරණ ජය, හෑල්ලුවට ලක් කිරීමට මෙම පාර්ලිමේන්තු මැතිනරණය සමත් වී ඇතැයි විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

මැක්රොන්, එම ජනාධිපතිවරණයේදී සිදු කරන බවට පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිකම හේතුවෙන් ගැටළු මතු විය හැකි බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

මැක්රොන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1548 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1675 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site