IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භාණ්ඩ ප්‍රවාහන රොකට්ටුව පිපිරේ

අන්තර්ජාතක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ රොකට්ටුවක් පසුගියදා ගුවන් ගතවී තත්ත්පර 6 ක් ගතවීමේදී පුපුරා විනාශ විය.

සිදුව ඇති අලාභය ඩොලර් ලක්ෂ 2000 (රුපියල් ලක්ෂ 264000) ක් පමණ වේයැයි ගණන් බලා ඇත.

රොකට්ටුව ගුවන්ගත වනු ආශාවෙන් නරඹමින් සිටියවුන්ගේ ඇස් පනාපිටම එය ගිනි බෝලයක් බවට පත්වුනි.

රොකට්ටුවේ පිපිරුම කිලෝමීටර ගණනාවක් ඈතට දිස්ව ඇතැයි සඳහන්ය.

නාසා ආයතනයේ කොන්තරාත්තුවක් භාරව කටයුතු කරන ඕර්බිටල් සයන්සස් නම් සමාගමක් රොකට්ටුවේ හිමිකාරීත්වය දරන අතර එම සමාගම පවසන්නේ වසර 40 ක් පමණ පැරණි තාක්ෂණයක් භාවිතයෙන් නිපදවූ රුසියා රොකට්ටුවක් වැඩිදුර නොසිතා මේ සදහා භාවිතා කිරීම ගමනේ විනාශයට හේතුවූ බවයි.

එසේ වුවත් ප්‍රකාශයක් නිකුත් කර ඇති රුසියාව,ඇමරිකාවේදී සිදුකරන්නට ඇති යාවත්කාල කිරීම් රොකට්ටුවේ විනාශයට මුල් වී ඇතැයි චෝදනා කර ඇත.

පිපිරීමෙන් ජීවිත හානි කිසිත් වාර්තා වී නොමැත.

1414540025228_wps_5_This_image_taken_from_vid 1414540025244_wps_7_Nasa_Rocket_explodes_on_L 1414573544541_wps_3_An_unmanned_Orbital_Scien



අදහස් (0)

භාණ්ඩ ප්‍රවාහන රොකට්ටුව පිපිරේ

ලලිත් Sunday, 02 November 2014 02:59 PM

කොයි රටෙත් පුද්ගලික අංශයට වැඩක් බාර දුන්නහම ඔහොම තමයි වෙන්නේ. ඒගොල්ලන්ට ඕන ලාබෙට වැඩේ කරලා උපරිම ලාබය ගන්න. අවුරුදු 40 ක් පරණ රොකට්ටුවක් ඔය වැඩේට පාවිච්චිකරන්න කියල කවුරුවත් කිවුවේ නැහැනේ? පරණ රොකට් එකක් පාවිච්චිකලත් අලුත් එකෙන් කරන්න යන ගානම ගන්නවා. වැඩේ බාරදෙන මිනිස්සුත් කල්පනාවෙන් වැඩේ බාරදෙන්න වෙනවා. (ර)

:       0       0

චන්ද්‍රා Saturday, 01 November 2014 02:20 PM

එකෙත් වැරැද්ද රුසියාවට පටවන්න හදන්නේ.(හේ)

:       0       0

නිරාන් සෞදි Thursday, 30 October 2014 10:30 AM

වැරැද්ද බාරගන්න බැරිකම හා නොහැකියාව මනාව ඔප්පුවෙලා තියෙන්නේ (නදී)

:       0       0

සහනි Sunday, 02 November 2014 08:49 PM

වැරදුන නිසා ඒක රුසියාවේ. හරිගියා නම් ඇමෙරිකාවේ. අපි නොදන්නා ඇමෙරිකාව! (නි)

:       0       0

සෙනරත් Friday, 31 October 2014 05:24 PM

ඇමෙරිකාව දැන් රොකට් ගන්නේ රුසියාවෙන්වද්ද? (නි)

:       0       0

ලක්ෂී Thursday, 30 October 2014 02:05 PM

ලෝකයටම සෙල්ලම් පෙන්වන ඇමරිකාවට මේකත් එක සෙල්ලමක් පමණයි. ඒ වුණත් ලැජ්ජයි (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 07:57 AM

සල්ලිකාර රටවල් එහෙම තමයි.පාඩු හෝ ලාබ ගැන නොතකා එයාලගේ පර්යේෂන ගැනයි වැඩිය උනන්දු වෙන්නේ.(හේ)

:       0       0

ජයන්ත Saturday, 01 November 2014 10:52 AM

මොනවා උනත් මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියකදී ඔයවගේ වැරදි වෙන්න පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site