බටහිර බෙංගාලයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව නන්දිග්‍රම්හිදී ඉදිරියෙන් සිටීමට සුවෙන්දු අධිකාරී සමත්ව ඇත.
බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණයේ දී ප්‍රාන්ත මහා අමාත්‍ය මමතා බෙනාර්ජි පාලක භාරතීය ජනතා පක්ෂයට එරෙහිව දැවැන්ත සටනක් ගෙන ගියා ය.
දැනට නන්දිග්‍රම්හි නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 8,500කට අධික සංඛ්‍යාවකින් ඉඉදිරියෙන් සිටීමට සුවෙන්දු අධිකාරී සමත්ව සිටියි.
මමතා බෙනාර්ජි මෙවර මැතිවරණයට ඉදිරිපත් ව සිටින්නේ තුන්වෙනි වරටත් මහා අමාත්‍ය පත්වීමේ අපේක්ෂාවෙනි.
ඇය මීට පෙර තරග වැදුණේ කොල්කටාවේ භාබනිපූර් ඡන්ද කොට්ඨාශයෙනි.
කෙසේනමුත් ඇය මෙවර නන්දිග්‍රම් ඡන්ද කොට්ඨාශයෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නීය.
ටයිම්ස් ඔෆ් ඉන්දියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද අර ජයලලිතා එක්ක එකතුවෙලා ලංකාවට දෙහිකැපුවේ.