IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිළිඳිය විකිණීම වරදී

මාස හතරක් වයසැති තම සිඟිති දියණිය ජර්මන් ජාතික යුවලකට විකිණීමට තැත් කළැයි 22 හැවිරිදි තුර්කි ජාතික මවක ටර්කි සබිහා ගොක්සන් ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

එය බිළිඳිය විකිණීමට ගියේ පවුම් 300කට (රුපියල් 64200) බව කියති.

එම සිද්ධිය ගුවන්තොටුපොළ සීසීටීවී කැමරාවල මුල සිටම පටිගතව තිබිණි.

තැන තැන ගෙන යා හැකි කුඩා තොටිල්ලක දරුවා දමාගෙන  ටැක්සියකින් සිය මව ද සමග සබිහා ගුවන් තොටුපොළට එන තුර්කි මව බිළිඳා විකිනීමට යන්නේ ගුවන්තොටුපොළ වැසිකිළියටය.

තොටිල්ල පිටින් බිළිඳා දමා මව පිටව යන අතර ජර්මන් කත පැමිණ දරුවා ගනියි.

පොලිසිය දරුවා මවට ලබා දුන්නේය.

ජර්මන් කාන්තාව සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය. තමාට ඕනෑ වූයේ ඇයට උදව් කිරීමට බව ඇය කීවාය.



අදහස් (0)

බිළිඳිය විකිණීම වරදී

සෙනරත් Sunday, 10 November 2013 11:05 PM

ලංකාවේ විතරක් නොවෙයි, වෙන රටවලත් දරුවන් විකුණන අම්මල ඉන්න බවට මෙය හොඳ ආරංචියක්. (අ)

:       0       0

කුමාරි Monday, 11 November 2013 10:11 AM

ඇත්තටම ඇයි ඒ අම්මටම ළමයා දුන්නේ? දරු දුක නැති කෙනෙකුට නැවත දරුවා දීමෙන් ඒ දරු පැටියගේ ජිවිතේ අනාරක්ෂිත වෙනවා නේද? (ස)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 01:41 AM

වෙනත් අම්මා කෙනෙකුගේ දරුවෙක් වෙන්නත් පුළුවන්.ඕනෑම අම්මා කෙනෙකුට දරුදුක තියෙන්න ඕනෑ. (නි)

:       0       0

මොහොමඩ් හෆ්සාල් Monday, 11 November 2013 12:49 PM

දරුවන් නැතුව දුක් විදින පවුල් කොපමණ තියනවද. එයාට ළමයා එපා නම් ළමයි ඕනේ කෙනෙකුට නීතියනුකුලව ළමයි ලබා ගන්න සැලස්මක් හදන්න ඕනේ. නැතිනම් මේ ළමයා අනාරක්ෂිතයි. (ස)

:       0       0

සිංහ Wednesday, 13 November 2013 03:17 PM

අම්මා ගැන කතා කරන්න අය ගොඩක් ඉන්නවා. එත් තාත්තා ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 10 November 2013 06:21 PM

අනිවාර්යයෙන් ඒ වගේ දරුණු සිතක් ඇති ඒ අම්මා ඒ ළමයා ආපසු කාට හෝ විකුණනවා.නැත්නම් කොහේ හරි දාලා යනවා.පොලිසියට තිබුනේ දරුවයි අම්මයි දෙන්නවම පරිවාස බාරයට ගන්න.දරුවා වෙනුවෙන්වත් අම්මාව පුනරුත්තාපනය කරන්න නේද? (නි)

:       0       0

චමත් [ලංකාව] Sunday, 10 November 2013 08:15 PM

බලන්න මේ ජර්මන් යුවල මොන තරම් මෝඩද කියලා. දරුවට ගමන් බලපත්‍රයක් නැහැ. කොහොමද මේ දරුවාව රටින් පිට කරන්නේ? ගුවන් තොටුපලක් ඇතුලේ කි තැනක මගීන්ව පරික්ෂාවට ලක් වෙනවද? ඔය හැම තැනකින්ම බේරී මේ දරුවා ගෙනයා හැකිද? ඔච්චර ඕන කමක් තිබුනා නම් දරුවාව නිතියනුකුලව ලබා ගන්න තිබුනනේ.(අ)

:       0       0

මොහමඩ් Wednesday, 13 November 2013 12:48 AM

එයා විකුණලා තියෙන්නේ ජර්මන් කාන්තාවකටනේ,එනිසා කමක් නැහැ. මෘග ජාතියක් නෙමෙයි ජර්මානුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site