IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බලු හාම් පුතාට හොඳ පාඩමක්

ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර ආසන්නයේ පිහිටි තවත් කුඩා නගරයකි බෘනෙට්. වසර ගණනක සිට එහි වාසය කරනා ෆර්නැන්ඩෝ ඉරු දින විවේකය ගතකරමින් සිටියේ ය.හදිසියේම නිවසේ සීනුව නාද වන්නේය.ඉරු දිනයේ මේ කවරෙක්දැයි විපරම් කිරීමට යන ෆර්නැන්ඩෝගේ නෙත ගැටෙනුයේ දොරකඩ තබා ඇති පාර්සලයකි.විවෘත කර බලන කල්හි එහි වන්නේ බලූ මළපහය.

මේ කාගේ හෝ නොහෙබිනා විහිලූවක් යැයි සිතා පොලිසිය ඇමතීමට යන ෆර්නැන්ඩෝ දකින්නේ පාර්සලයේ සිය බලු  සුරතලාගේ නම එහි සදහන්ව ඇති අයුරුය.පැය කිහිපයකට පෙර තම බල්ලා පාරේ මළ පහ කළ බවත් තමන් එය ගණන් නොගෙන එම ස්ථානය පවිත‍්‍ර නොකර පැමිණි බවත් ඔහුට සිහිවන්නේ එවිටය.

මේ බෘනෙට් නගරය පිරිසිදුව තබා ගැනීමට එහි නගර බළධාරීන් ගෙන ඇති තවත් පියවරකි.සුරතලූන් පාරේ මළ පහ කළ විට එම ස්ථාන පවිත‍්‍ර කිරීම මගහැර යන පුද්ගලයින්ට දෙන අලූත්ම දඩුවම වන්නේ මෙයයි.නගරය පුරා ස්වේච්ඡා සේවකයන් ස්ථානගත කර ඇති අතර ඔවුන් සිටින්නේ නිරන්තර සෝදිසියෙනි.මෙවන් අවස්ථාවක් ඇස ගැටුණු විගස ඔවුන් කරන්නේ අදාළ පුද්ගලයා හමුවට ගොස් චාටුවෙන් සිත දිනාගෙන පෞද්ගලික තොරතුරු සෙවීමයි.ලබාගත් තොරතුරු ආශ‍්‍රයෙන් පදිංචි ස්ථානය පවා සොයාගැනීමට ඔවුන් සමත්ය.අනතුරුව පාරේ ඇති සත්ත්ව මලපහ එකතු කරගෙන ස්ථානය පිරිසිදු කරන මොවුන් එකතුකරගත් මලපහ පාර්සල් කර සොයාගත් ලිපිනය කරා යවයි.වගකීම් පැහැර හැරි සත්ත්ව හිමිකරුවාට තරු පෙනෙන්නේ පාර්සලයේ ඇති දේ දුටුවිටය.

පසුගිය සතියේ පමණක් මෙවන් පාර්සල් 50 ක් පමණ විවිධ නිවෙස් කරා යැවූ බව බළධයෝ කියති.මේ නිසාම දැන් පොදුස්ථාන වල මලපහ කරනා සිය සුරතලූන් ගැන නගරයේ හිමිකරුවන් හොද සෝදිසියෙන් සිටින බව ඔවුහු පවසති.



අදහස් (0)

බලු හාම් පුතාට හොඳ පාඩමක්

රූපවතී Friday, 07 June 2013 09:30 AM

අපේ රටෙත් බුලත්විට කාලා හැමතැනම අපවිත්‍ර කරගෙන යන අපේ රටේ හැමෝටම බලධාරීන් රු .500 බැගින් දඩ ගැහුවා නම්, සෑම අපවිත්‍රකරුවෙක්ටම වතුර බාල්දියකුයි කොස්සකුයි දීලා සුද්ද කරලා යන්න වැඩ පිළිවෙලක් හැදුවා නම්, අපේ රටත් ලස්සනයි පිරිසිදුයි. අපේ කුරුණෑගල නගරය හරිම අගේ කලයුතු නගරයක්. කලුපාට තාර දමලා තිබුන බිම පොලව දැන් අපිට දකින්න ලැබෙන්නේ රතුම රතු පාට බුලත් විට පාට පොළවක් පමණි. බිත්ති වල පවා බුලත්විට, සහ ඇගිල්ලෙන් හුණු බිත්තිවල ගාපු පාරවල්. හරියට හැමෝම කතාවෙලා චිත්‍ර ඇදලා ගිහින් වගේ (නි)

:       0       0

සරත් Thursday, 06 June 2013 09:29 PM

හොද පියවරක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2182 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site