ලෝ සුපතල මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කළ බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකාවේ 'ෆෝබ්ස්' සඟරාවට අනුව, ලොව සිවුවැනි කෝටිපතියා ලෙස සැලකෙන්නේ බිල් ගේට්ස්ය. මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවා, පරිගණක ලොව පෙරැළියක් කළ දැවැන්තයා ලෙස සැලකෙන්නේ ද බිල් ගේට්ස්.
'අප දෙදෙනා හුඟක් කතාබහ කරලා දික්කසාද වෙන්න තීරණය කළා' යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.
'අප දරු තිදෙනකුගේ ආදරණීය මාපියන්. ලෝකවාසීන්ගේ යහපත වෙනුවෙන් අප දෙදෙනා එක්වී පිහිටවූ පදනමට බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කිරීමට හැකිවුණා. ලෝකය වෙනස් කිරීමට අපට හැකිවුණා. දැන් අප වසර 27 ක විවාහ ජීවිතය අවසන් කරනවා' යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
65 හැවිරිදි බිල් ගේට්ස් සහ 56 හැවිරිදි මෙලින්ඩා ගේට්ස්, පිහිටුවූ 'බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම' ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් කැපවුණු පුණ්‍යායතනයකි.
ගෝලීය උණුසුම අවම කිරීම පමණක් නොව කාන්තා අයිතීන් වෙනුවෙන් ද මෙම පදනම පෙනී සිටී. කොරෝනා වයිරස වසංගතයට එරෙහි සටනේ දී, 'බිල් සහ මෙලින්ඩා පදනම' පරිත්‍යාග කළ මුදල ඇමරිකන් ඩොලර් බිලියන 500 කි. මෙලින්ඩා ගේට්ස්, මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිටපු කළමණාකාරවරියයි.
ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බිල් ගේට්ස් සහ මෙලින්ඩා දික්කසාදයට සැරැසෙති