IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බිල් ගේට්ස් යළි මුල් තැනට එයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව මගින්  දෙවැනි වරටත් බිල්ගේට්ස් නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ පුරෝගාමියා වු ගේට්ස් විසින් මෙක්සිකෝ ව්‍යාපාරිකයකු වු කාලොස් ස්ලිම් නැවත වරක් පරාජයට පත්කරනු ලැබ සිටියි.  

ගේට්ස්ගේ මුළු වත්කම් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි 13 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 79 ක් බව ගණන් බලා තිබේ.

ලෝකයේ ප්‍රකෝටිපතියන් 1826 වාර්තාගතවී තිබේ. පසුගිය මාස 12 තුල වැඩිවු ගණන 181 ක් දෙනෙක් බවද ෆෝබ්ස් වාර්තාවේ දැක්වේ. ධනවතුන් අතර ලෝකයේ තෙවැනියා වි ඇත්තේ ස්පාඤඤයේ මෝස්තර නිර්මාණ ජාලයක හිමිකරු වු ඇමන්සියෝ ඕටෙගා වේ.

ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස පළමුවරට  ලැයිස්තුගත වි ඇත්තේ  වෝල්මාට් සිල්ලර බඩු ව්‍යාපාරය හිමිව තිබු ජෝන් වෝල්ටන් ගේ වැන්දඹු බිරිඳ වු ක්‍රිස්ටි වෝල්ටන්ය. ඇය පසුගිය වසර පහේ දී  ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස  ෆෝබ්ස් සඟරාවේ නම සටහන් කැර ගැනීමට සමත් වූවාය.

 

 



අදහස් (0)

බිල් ගේට්ස් යළි මුල් තැනට එයි

ගැමුණු Wednesday, 04 March 2015 12:39 PM

නැව් ඇත්තන්ට කෝටිපතියන් විය නොහැකිද? (නදී)

:       0       0

උණම්බුව Friday, 06 March 2015 02:43 AM

ඉතා හොඳයි (නි)

:       0       0

අතුල Wednesday, 04 March 2015 05:43 AM

කීපදෙනෙක් බිහි වෙන්න තිබුණ අවස්ථාව මගහැරුණා.(දිල්)

:       0       0

තිලක් Wednesday, 04 March 2015 05:50 AM

අපේ රටේ කෙනෙක් පළමු 100 වත් නැද්ද? වෙන්න බෑ හැබැයි (දිල්)

:       0       0

දයා අලහකෝන් Thursday, 05 March 2015 10:28 AM

අපොයි හරියට බැලුවොත් පළවැනියා ලංකාවෙම ඇති. ගිණුම් තියෙන්නේ වෙන වෙන නම්වලින් නිසා හොයන්න බෑ (බ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Wednesday, 04 March 2015 07:44 AM

අපේ පසුගිය මැතිවරණයෙන් අපේ හිටපු ජනපති පරාජය කලේ නැතිනම්, තව අවුරුදු 5 ක් යන්න කලින් අපේ ලාංකිකයෙක් ඔය තැනට එන්න තිබුනේ, අපේම අය එය නෙති කර ගත්තා. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 03 March 2015 06:19 PM

අපේ රටට නැද්ද තැනක්? (නි)

:       0       0

අමල් Thursday, 05 March 2015 01:56 AM

අනේ හොඳයි. එයා එයාගේ සල්ලි වලින් මැලේරියා ආදී ලෙඩ පරදවන්න තමයි වැඩකරන්නේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 08:40 AM

සල්ගාදු, කාගේ දනයෙන්ද (නදී)

:       0       0

දිල්ශාන් Wednesday, 04 March 2015 08:56 AM

සජින් වාස් කී වෙනියද(නදී)

:       0       0

සල්ගාදු ප්‍රංසය Wednesday, 04 March 2015 08:58 AM

දුමින්ද, ජාතික ධනය සොරා කෑමෙන් ගන්න සල්ලි ගැන නොකියා ලිව්වේ (නදී)

:       0       0

ටියුඩර් Thursday, 05 March 2015 04:25 PM

අපේ කට්ටිය කවුරුත්ම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site