IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බාලවයසේ දී මිනී මරයි

බ්‍රිතාන්‍ය අපරාධ පිලිබඳ ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු 13 ක් වන  ලාබාල වයසේ  පිරිමි ලමයෙක් මිනීමැරුමකට චෝදනා ලබා ඇත.

නීතිමය හේතූන් මත නම සඳහන් කිරීමට නොහැකි මෙම ගැටවරයා චෝදනා ලබා ඇත්තේ වයස අවුරුදු 39 ක් වූ මාර්ක් තෝමස් නැමැති පුද්ගලයෙක් පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙනි. මේ බාලවයස්කාර දරුවා තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර විම්බ්ලෙඩන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තෝමස් මහතාගේ  බරපතල තුවාල සහිත සිරුර  ඔහුගේ නිවස පිහිටි නිරිත දිග ලංඩනයේ රොහෙම්ටන් වල තිබි පොලීසිය සහ විසින් අප්‍රේල් 22 සොයාගනු ලැබීය.

පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවී ඇත්තේ තෝමස් ට එල්ල කරණ ලද පිහිපාරවලින් පෙනහලු වලට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ලේවහනය වීමෙන් මරණයට සිදුවී ඇති බවයි.

වයස අවුරුදු 13 ගැටවරයාට අමතරව වයස 15 ක ළමයෙකුද  මෙම මිනීමැරුම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි. එයට අමතරව  තවත් 17 හැවිරිදි තරුණයෙක් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පසුව ඇප පිට නිදහස් කර තිබේ.

 



අදහස් (0)

බාලවයසේ දී මිනී මරයි

දොන් රොෂාන් දී සොයිසා Monday, 05 May 2014 02:06 AM

එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ ඒහෙම වෙන්නෙ නැ (දී)

:       0       0

සකී Wednesday, 07 May 2014 02:54 PM

අද ලෝකය යන්නේ හරහට. අනේ මන්දා තව ඉස්සරහට තව මොනවා වෙයිද කියල. තව වැඩි දවසක් යන්න කලින් ඕව මෙහෙටත් බෝ වෙයිද දන්නේ නැහැ.මොකද එහෙ වෙන ඕන දෙයක් මෙහෙ අයත් ඉක්මනට බදා ගන්නවනේ.අනේ එහෙම නොවේවා කියා පතමු.නැත්තම් අපේ රටේ අනාගතෙත් අඳුරේ. (ස)

:       0       0

ධම්ම Sunday, 04 May 2014 05:33 PM

අනේ! එංගලන්තෙට මොකද මේ වෙන්න යන්නේ? (ස)

:       0       0

ජය Thursday, 08 May 2014 07:48 PM

අපේ අය නම් ඔය රෙකෝඩ් පහුකරලා බොහොම කල් (නි)

:       0       0

රණතුංග Thursday, 08 May 2014 02:23 AM

බටහිර රටවල මෙවැනි ගැටවරයන්ගේ ක්‍රියාකාරකම් දිහා බැලුවහම මම දැකපු දෙයක් තමයි ඔවුන්ගේ දෙමව්පියන්ගේ පවුල් පසුබිම.(ස)

:       0       0

අබේ Wednesday, 07 May 2014 05:46 PM

සුනීතා, මොකක් වුණත් එහෙම මිනීමරන්න නරකයි. (නි)

:       0       0

සුනීතා Monday, 05 May 2014 03:30 PM

එහෙම කරන්න හේතුව මොකක්ද? අන්න එක දැනගන්න කැමතියි. (ස)

:       0       0

දාන් Thursday, 08 May 2014 10:06 AM

අපේ කට්ටිය එංගලන්තේ උනාම අහනවා හේතුව මොකද්ද කියලා. ලංකාවේ උනානම් මෙලහකට තමුන්ගේ රට බල්ලට දාලා බැනලා තියෙයි.(නදී)

:       0       0

විරාජ් Wednesday, 07 May 2014 02:02 PM

ඇයි සුනීතා දැන් ඔයා ඕක දැනගත්තම ඔක්කොම හරිද...? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 16 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site