IMG-LOGO

බල්ලා බිළිඳු පණ රකී

කසළ ගොඩකට විසිකර දමා සිටි අලූත උපන් බිළිදෙකු මාරයාගෙන් බේරා ගත් සුනඛයෙක් ගැන වාර්තා වන්නේ තායිලන්තයෙනි.

‘‘පුයි‘‘ නම් සුරතල් නාමයෙන් හැදිවෙන මේ බල්ලා ප්ලාස්ටික් බෑගයක බහා කසළ ගොඩකට විසිකර දමා සිටි බිළිදා සොයා ගැනීමට සමත්ව තිබේ.අනතුරුව බෑගය ප‍්‍රවේසමින් කටෙන් අල්වාගෙන සිය හාම්පුතා වෙත ගෙනගොස් ඇති පුයි නොනවත්වාම බුරමින් ඔහුගේ අවධානය තමන් ගෙන ආ දෙය කෙරෙහි යොමුකරවාගෙන ඇත.

කසළ ගොඩ ගෙනෙනවායැයි බැනවැදීමේ අරමුණින් පුයි දෙස හැරණු හාම්පුතා වන ගුම්නර්ඞ් තොන්ග්මක්ගේ අදහස වෙනස් වන්නේ පුයි ගෙනවිත් ඇති දෙය දැකීමෙන් පසුවය.වහාම බිළිදාව රෝහලක් කරා ගෙනයාමට ගුම්නර්ඞ් කටයුතු කර ඇත.

ප‍්‍රතිකාර ලබා බිළිදා දැන් සුවෙන් සිටින බව වෛද්‍යවරුන් කියයි.දවසේ වීරයා බවට පත්ව සිටින පුයි දැන් සිටිනුයේ කාගේත් ආදර සැළැකිලි ලබමින්ය.

බිළිදාගේ දෙමව්පියන් සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකය.



අදහස් (0)

බල්ලා බිළිඳු පණ රකී

සෑම් Sunday, 09 June 2013 06:27 PM

ඔය කළ පුණ්‍ය කර්මයම ඇති සුනඛයාට ලබන ආත්මයේදී මිනිසෙක් වෙලා උපදින්න. ළමයා කුණු ගොඩකට දැමීමට වැඩ කටයුතු සැලැස්වූ සියලුම දෙනාට (ස්ත්‍රී දුෂණයකින් ළමයා ඉපදුනානම් එයට වගකිවයුතු පුද්ගලයන්, ස්ත්‍රිය අමාරුවේ දමාගිය පෙම්වතෙක්නම් ඔහුත්, ළමයා මග දමා ගිය ගැහැණියටත්) මරණයෙන් පසු අපායේ දීර්ඝ කාලයක් විඳීමට සිදුවේ. එපමණක් නොව අපායෙන් පසුව ඔවුන්ට බල්ලන්ටත් වඩා පහත් ආත්මයන් හිමිවේ.(නදී)

:       0       0

ජයාන් Sunday, 09 June 2013 06:32 PM

අපි සියලුම සතුන්ට කරුණාව ,ආදරය,දයාව,ලබා දිය යුතුය.(නදී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 01:24 PM

පුදුමයි ඒත් ඇත්තයි. දරුවා හා සමානම මේ බලු දරුවත් ආරක්ෂා කරන්න ඕනා. දවසේ වීරයා නොව දිවි හිමියෙන්ම වීරයා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 June 2013 01:27 PM

මේ සුනඛයා කළ උතුම් පින්තමේ මහිමයෙන් ඉලග ආත්මයේ යහපත් මිනිස් ආත්මයක් ලැබේවා!(නදී)

:       0       0

මර්ලෝන් - ඇමරිකාව Sunday, 09 June 2013 10:12 PM

නියමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site