IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බැල්ලිය මකුළුවා වෙයි

කවටකමක් කිරීමට සිතූ ඩෙන්මාර්ක ජාතික සිල්වෙස්ටර් වර්ඩෙගා තම සුරතල් බැල්ලිය චිකාට මකුළු ඇඳුමක් ඇන්දවූවේය.

අඬු පඬු දික් කර ගත් අතිවිශාල මකුළුවෙකුගේ ස්වරූපය ගත් ඒ ඇඳුම පෙනුමින් භයංකරය.

දුටුමනින් එය පැළද සිටින්නේ බල්ලෙකු යැයි කිසිවෙකුටත් කිවනොහැකිය.

මකුළු වෙස් ගැන්වූ චිකා මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යැවීමට සිල්වෙස්ටර් කටයුතු කළේය. චිකා දකින්නවුන්ගේ ප්‍රතිචාරයන් ඔහු රහසින් පටිගත කළේය.

එම වීඩියෝව දැන් අන්තර්ජාලයට එක් කර තිබේ. අන්තර්ජාලයට එක් කර එක් දිනක් ගතවූ තැන එය ලක්ෂ 30 ක පමණ දෙනා නරඹා තිබුණි.

චිකා අතිවිශාල මකුළුවෙකු යැයි සිතා යටිගිරියෙන් කෑ ගසාගෙන ආතබූත නැතිව දුවන්නවුන්ගේ දර්ශන එම විඩියෝවේ ඇත.

විදුලි සෝපානය පැමිණෙන තෙක් බලා සිටින කාන්තාවන් දෙදෙනෙකු එය ඉහළට පැමිණ දොර විවර වූ පසු එහි මකුළු වෙසින් සිටින චිකා දැක හඩතලමින් දිව යනු එක් දර්ශනයක ඇත.

තවත් එකක මකුළු දැල් වලින් බැඳ එල්ලා ඇතැයි පෙනෙන්නට තිබෙන මස් කැබලි සමූහයක් ඡායාරූප ගත කරන්නට තැත් කරන පුද්ගලයෙකු වෙතට චිකා සීරුවෙන් ළගා වේ. වෙනසක් දැනීදෝ පසුපස හැරී බලන ඔහු චිකා දැක අතිශයින් බියපත් වී දිව යායුතු මග නොදැන පෙර කී මකුළු දැල් ගොන්න මතටම කඩා වදී.

මේ මකුළු දැල් හා මස් කැබලි සිල්වෙස්ටර් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවාය.

වීඩියෝවට මල් මෙන්ම ගල්මුල්ද නොඅඩුව ලැබී ඇත. බොහෝ දෙනා මෙය විහිළුවෙන්ම භාරගෙන ඇතත් අදහස් පළ කර ඇති ඇතැම් අය කෙනෙකුට මෙය ඇස් රතු වන විහිළුවක් වුවහොත් කුමක් සිදුවනු ඇත්දැයි විමසා තිබුණි.

1409921142594_wps_4_Ruckas_Videograbs_01322_8 1409922250399_wps_7_Scared_of_spiders_You_wil 1409927059557_Image_galleryImage_Polish_prankster_Sylweste 1409927245682_wps_3_Scared_of_spiders_You_wil



අදහස් (0)

බැල්ලිය මකුළුවා වෙයි

හර්ශ ද සිල්වා Tuesday, 09 September 2014 09:03 AM

අම්මේ ඒකෙත් හැටි ? (නදී)

:       0       0

ගගන Tuesday, 09 September 2014 02:52 AM

ඉතාම වටිනා කර්තව්‍යක් (නදී)

:       0       0

ෆාරු Wednesday, 10 September 2014 04:12 AM

නියම වැඩක්. (නි)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය Tuesday, 09 September 2014 06:30 AM

සුද්දට මේවා වැඩ උනාට එක පෑන් පාරෙන් කෙස්ගස් කොස්ගස් කරන අපේ අයට මේවත් වැඩද (නදී)

:       0       0

සුසිත Tuesday, 09 September 2014 06:35 AM

බලන්ටකො එ්කෙත් හැටි නෙද? (නදී)

:       0       0

තරංගී Tuesday, 09 September 2014 07:43 AM

මමත් දැක්කා ඒ විඩියෝ එක. හැබැයි පව් අර මිනිස්සු (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 07 September 2014 07:46 AM

අපේ බල්ලන්ට පුසන්ට ඕක ඇන්දුවානම් පනත් එපා කියල දුවයි. (දී)

:       0       0

සඳුනි Monday, 08 September 2014 03:21 AM

හරිම ෂෝක්. (නදී)

:       0       0

හර්ෂ දිලංක විතානගේ Tuesday, 09 September 2014 08:42 AM

නියමයි! ඒත් බයවෙන අය පවු. මෙහේ කලානම් තොවිල් කරන්නත් වෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site