IMG-LOGO

බලෙන් සටන් විරාමයකට යන්න බෑ

වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැවැත්වෙමින් තිබූ සාකච්ඡාවලට හානියක් සිදුවුණු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමන් නෙදන්යාහු කියයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ මෙම චෝදනා ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව පවසන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව සටන් විරාමයකට ශක්තියක් වූ බවත්, ඊශ්‍රායල හමාස් සාකච්ඡාවලට කිසිදු 'හානියක්' සිදු නොවුණු බවත්ය.

වහා සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරමින්, නව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත වීම රටවල් බොහොමයකගේ පැසැසුමට හේතුවිය. කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දක්වන ඇමෙරිකාව, මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසද්දී, ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි.

සටන් විරාම කොන්දේසි ඉදිරිපත් කරමින් ගාසා තීරයේ හමාස් සංවිධානය, ඊශ්‍රායලයට පවසා ඇත්තේ, යුද්ධය වහා නවත්වා, ඊශ්‍රායල හමුදා සම්පුර්ණයෙන් ගාසා තීරයෙන් පිටවිය යුතු බවය.

එසේ කරන්නේ නම්, තම ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා හරින බව ද හමාස් පවසා ඇත. ඊශ්‍රායල රජය සහ හමුදාව තරයේ පවසා ඇත්තේ හමාස් සටන්කාමීන්ගේ කිසිම කොන්දේසියකට තමන් යටත් නොවන බවය.



අදහස් (0)

බලෙන් සටන් විරාමයකට යන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1198 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site