IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බොරු බෝම්බ බියෙන් 1500කට තුවාල

ඉතාලයේ ටියුරින් නුවර පාපන්දු නගරයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇතිවූ බෝම්බ බියක් නිසා සිදුවූ තෙරපීම හේතුවෙන් සෙනසුරාදා (3) රාත්‍රියේදී 1,500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
 
ශූරයන්ගේ ලීගය තරගාවලියේ අවසාන තරගය නැරැඹීම සඳහා එක් වූ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමට සහාය දක්වන්නන් පිරිසක් අතරේ මෙලෙස තෙරපීම ඇති වී තිබෙන අතර තිදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා විය. 
 
මෙම අවසාන මහා තරගය පැවැත්වෙමින් තිබුණේ බ්‍රිතාන්‍යයේ කාඞ්ෆ් හි වන අතර ඉතාලියේ වෘත්තීය සමාජ කණ්ඩායමක් වන ජුවෙන්ටස් කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබා තිබිණි. එම කණ්ඩායමට සහාය දක්වන් පිරිසක් ඉතාලියේ ටියුරින් රැස්ව විශාල තිරයකින් තරගය නරඹමින් සිටියදී මෙලෙස බෝම්බ බිය ඇති වී තිබේ. සිදුවීමෙන් 1,527 දෙනකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව ටියුරින් නුවර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 
 
කුඩා පිරිමි දරුවකු ද ඇතුළත්ව තිදෙනකුගේ තත්ත්වය බරපතළ වුවත් ඔවුන්ට ජීවිත අවදානමක් නැතැයි ද වාර්තා විය. එලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ හත් හැවිරිදි දරුවකු බවත් ඔහුගේ පපුවට තුවාල සිදු වී තිබෙන අතර කෝමා තත්ත්වයක පසුවන බව ද වාර්තා විය. 
 
ගිනිකෙළි පුපුරණ අවස්ථාවක කිහිපදෙනකු බෝම්බයක් බෝම්බයක් යනුවෙන් කෑ ගැසීම නිසා මෙලෙස එම පිරිස අතර බෝම්බ බියක් ඇති වී තිබෙන බව වාර්තා වූ අතර මෙම සිදුවීම වාර්තා වූයේ ලන්ඩන් නුවරට ප්‍රහාර එල්ල වී පැය කිහිපයකට පසු වීම ද මෙතරම් පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බව බලධාරීහූ සඳහන් කළහ. 
 
“ඉතාලියට මෙතෙක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී නැහැ. එහෙත් ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රීයේ පොඩි ජයග්‍රහණයක් ලැබුවා. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා යුරෝපය තුළ ත්‍රස්ත බියක් ඇති වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් නිසා මේ සිදුවීමෙන් 1500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා” යැයි ඉතාලියේ සෙනට් සභික රොබටෝ කාල්දෙරොලි පැවැසීය. 
 
ඒ.එෆ්.පී 055



අදහස් (1)

බොරු බෝම්බ බියෙන් 1500කට තුවාල

සරත් Monday, 05 June 2017 03:17 AM

ත්‍රස්ත බිය හැමෝටම එකයි.. හැබැයි, ත්‍රස්තයින්ට උදවු කරන අය බොහොමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site