කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා කරමින්, බ්‍රසීල වැසියෝ දහස් ගණනින්, එරට ප්‍රධාන නගරවල විරෝධතා පවත්වති.
කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ ජනාධිපති බොල්සරානෝ වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
ඊයේ (30) මුහුණු ආවරණ පැලඳ 10,000 කට අධික බ්‍රසීල වැසියන් පිරිසක් රියෝ දි ජැනයිරෝ නුවර පෙළපාළි යමින් ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණවල නියැලුණාහ. බොල්සරානෝ මහා ජන සංහාරයක් කළ බවත්, කොරෝනාට වඩා බොල්සරානෝ වසංගතයක් බවත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියන්න වූහ.
බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වෙද්දී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුව යමින්, වයිරසය 'පුංචි හෙම්බිරිස්සාවක්' යැයි අර්ථ දැක්වීමට බොල්සරානෝ කටයුතු කළේය. මුහුණු ආවරණ පැලඳීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.
සෞඛ්‍ය බලධාරීන් සහ ජනාධිපතිවරයා අතර නිතර ගැටුම් ද හට ගත්තේය. නිරෝධානය කිරීම්, මුව ආවරණ පැලඳීම, දුරස්ථභාවය රැක ගැනීම්, සංචරණ සීමා පැනවීම් ඇතුළු ලොව සෙසු රටවල් පැනැවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනාධිපති බොල්සරානෝ මායිම් නොකළ බවට ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව චෝදනා එල්ල වී ඇත.
අද වනවිට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. වයිරසය නිසා දිනෙන් දින එරට වැසියන් ජීවිතක්ෂයට පත් වෙද්දී , මිය යන ජනතාව මිහිදන් කිරීමට සොහොන් බිම්වල ඉඩ කඩ පවා ප්‍රමාණවත් නොවෙද්දී වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස් වූ පසුබිමක් තුළ බොල්සනාරෝ රජය කොවිඩ් එන්නත් ඇණවුම් කිරීමට පවා නිසි කල නිසි පියවර නොගත් බවට ද චෝදනා එල්ල වී ඇත.
සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
බ්‍රසීල ජනපතිට එරෙහිව දහස් ගණනින් වීදි බසිති
Asanka Tuesday, 01 June 2021 06:44 AM
මෙන්න කොන්ද පණ ඇති මිනිස්සු ඉන්න රටක්. අසාධාරණයේදී එකාවන්ව එකතුවන ඔබට ආචාරය.. තව ශ්‍රී ලංකාව කියා දුපතක් නම් අහලා තියෙනවා. කොරෝනා බෙහෙති විදින වැඩ පිළිවෙල නගරාධිපතිලා කඩාකප්පල් කළත් එහෙ මිනිස්සු නොවේ මේ කියන්නේ. ඒ තරමට නෝන්ජල් කතාවක්නේ..
chithralTuesday, 01 June 2021 09:05 AM
ලංකාවේ 69 ලක්ෂයේ ගෝත්‍රිකයින්ට දැන් කෙලවෙලා. දැන් ඔවුන්ට පොලිසියෙනුත් ගහනවලු. බ්‍රසීලයේ මිනිස්සු ඒ රටේ ඉන්න දූෂිත පාලකයාව පන්නලා දමයි. ඔවුන්ට ජය වේවා...!!!