තම විවාහ සංවත්සරය සැමරීම සඳහා ඇමෙරිකාවේ ඔහියෝ ගොවියෙක් බිරිඳට අපූරු, වටිනා තෑග්ගක් දුන්නේය.
පිලිප් ඩර්තික් (72) සහ මාරි ඩර්තික් (75) මෙම වසරේ ඔවුන්ගේ 50 වන රන් ජුබිලිය සමරති.
මෙතෙක් පැවති සෑම විවාහ උත්සවයකදීම තම බිරිඳ පුදුම කිරීමට සමත්වූ ඔහු මෙවර වෙනස්ම ආකාරයක තිළිණයක් ලබා දිමට උත්සහ කළේය.
ඒ අනුව තම දරුවන්ගේද උදව් ඇතිව තමාට අයිති අක්කර 17ක කෙතේ තමාගේ සහ බිරිඳගේ මංගල ඡායාරූපයේ ස්වරූපය දිස්වන පරිදි ධාන්‍ය වගා කළේය.
ඒ වගේම ඔහුගේ ට‍්‍රැක්ටරයද මෙහි පතුලෙහි පෙනෙන පරිදි නිර්මාණය කරන ලදි. ඒ විවාහ වූ දා සිට ඔහු හා බිරිඳට සිටි එකම මිතුරා ට‍්‍රැක්ටරය වන නිසා බව ඔහු සඳහන් කරයි.
මෙම වටිනා තිළිණයෙන් ඔහුගේ බිරිඳ මහත් පුදුමයකටත් සතුටටත් පත්වූ බවත්, ලබන වර්ෂයේදී පහත ඡායාරූපය පරිදි ධාන්‍ය වගාවක් සකස් කිරීමට තමන් කැමති බවද ඇය සඳහන් කර ඇත. තමන් ලද තිළිණය පමණක් නොව එයින් ලැබෙන අස්වැන්නෙන් තමන්ටත් රටටත් වන වාසිය ගැනද තමන් සියුම් ආඩම්බරයක් භුක්ති විදින බව බිරිඳ පවසන්නීය.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බිරියගේ මඟුල් පින්තූරය කෙතේ
රජින්ද Tuesday, 22 October 2013 02:24 PM
අවරුදු 50ක් සතුටින් ආදරෙන් පවුල් කෑම තරම් සතුටක් තවත් ඇද්ද? ඔබ දෙපල වැනි පවුල්, ආදරවන්තයින්, දෙමාපියන් හා මිනිසුන් මේ මිහිමත වැඩි වැඩියෙන් පහළ වේවා...!!! කුමන රටක, කුමන තරාතිරමක වුවත් ආදරයෙන් යුග දිවිය සුරකින සියල්ලෝ සදා යෙහෙන්, සුවෙන්, සතුටින් වැජඹේවා...!!! (නි)
විරාජ් කාලිංග Tuesday, 22 October 2013 03:56 PM
සතුටයි සැපයි, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන යුවලක්.දීර්ඝායු වෙන්න ඕන. (ස)
සේනාරත්න Tuesday, 22 October 2013 10:46 PM
ලොවටම ආදර්ශමත් අඹු සැමි යුවලක්. ඔවුනට දීර්ගායුෂ පතමු. (ස)
ආරොන් Tuesday, 22 October 2013 12:17 PM
මේක ටජ් මහලටත් වඩා ලොකු ආදරයක්. (නි)
චානක Tuesday, 22 October 2013 05:53 PM
හොද ආදර්ශයක් සියලු දෙනාටම (නි)
ජූඩ් Tuesday, 22 October 2013 12:52 PM
උසස් මිනිස්සු! (නි)
කුමාරි Tuesday, 22 October 2013 01:04 PM
හිත ඇත්නම් පත කුඩාද කිව්වලු. (ස)
මර්වින් Tuesday, 22 October 2013 01:42 PM
කුමාරි, ඔයා හරි (නි)
අරුණ Tuesday, 22 October 2013 07:42 PM
ටජ් මහලක් තනවන්නේ .... කෙසේ පරිවර්තනය කරන්නේද? (නදී)
ලක්ෂමන් ජයවර්ධන Tuesday, 22 October 2013 07:57 PM
''දීර්ගායු වේවා.''-ගිනස් පොතට ඇතුලත් වේවිද?හරිම මනරම්.(නදී)
ෆීනා Tuesday, 22 October 2013 02:05 PM
අලුත් වැඩක්. අපුරුයි. ආයු බෝ වේවා !!! (ස)