IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බ්‍රිතාන්‍ය නව අගමැතිනී ලිස් ට්‍රස් අර්බුදයක

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අර්බුදයක පැටලී සිටී. මෙම අර්බුදය නිර්මාණය වූයේ පසුගිය දා ලිස් ට්‍රස්, ඇය විසින් මුදල් අමාත්‍යවරයා (චාන්සලර්) ධුරයට පත් කළ ක්වාසි වාටන් එම ධුරයෙන් නෙරපා දැමීමත් සමඟය.

ක්වාසි වාටන්, කළු ජාතිකයකු වූ අතර, බ්‍රිතාන්‍ය කළු ජාතිකයකු මුදල් අමාත්‍යවරයා (චාන්සලර්) ධුරයට පත්වුණු පළමු අවස්ථාව එය විය. ක්වාසි වාටන්, මුදල් අමාත්‍ය ධුරය හෙබවූයේ සති 6 ක් පමණි.

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, ක්වාසි වාටන් ධුරයෙන් නෙරපා දැමීම සිදු කළේ, රටේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය වන රජයේ බදු කප්පාදුවේදී බදු ප්‍රතිපත්ති දැවැන්ත ලෙස කප්පාදු කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමිනි.

මහා බ්‍රිතාන්‍යයේ බලයේ සිටින පක්ෂයේ නායකයා හෝ නායිකාව එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවයි. වර්තමානයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. ලිස් ට්‍රස් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ මහජන ඡන්දයෙන් නොව, කොන්සවර්ටිව් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති පක්ෂ සාමාජිකයන් සහ නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති සටනේ දී ලිස් ට්‍රස් ට අභියෝගයක් එල්ල වූයේ ඉන්දීය සම්භවයක් සහිත පක්ෂ සාමාජික රිෂී සුනාක්ගෙනි. වර්තමානයේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දෙන අභියෝග හමුවේ ඇයට දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් රිෂී සුනාක්ට සහාය ලබා දෙන කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් විසින් ආරම්භ කරනු ලැබ ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (1)

බ්‍රිතාන්‍ය නව අගමැතිනී ලිස් ට්‍රස් අර්බුදයක

ganegoda Sunday, 16 October 2022 10:05 PM

දැන් එහෙ මෙහෙ වගේ.අර්බුධය ගැන කියවමින් තමන්ගේ අර්භුධයට පිළිතුරු හොයනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site