IMG-LOGO

බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණු අතර, එය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණි.

විශ්වාසභංගයට විරෝධය පළ කරමින්, අග්‍රාමාත්‍ය ජොන්සන්ට සහාය පළ කරමින් ඡන්ද 211 ක් ලැබුණු අතර, විශ්වාසභංගයට පක්ෂව අග්‍රාමාත්‍ය ජොන්සන්ට විරුද්ධව ලැබුණේ ඡන්ද 148 ක් පමණි.

ඒ අනුව, බොරිස් ජොන්සන්ට, අග්‍රාමාත්‍ය ධුරයේ පමණක් නොව, කන්සවර්ටිව් පක්ෂ නායකත්වය ද දැරිය හැකි වෙයි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේප නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

විශ්වාසභංගය පරාජය කිරීමත් සමග තවත් වසරක කාලයක් කිසිදු බාධාවකින් තොරව, පක්ෂ නායකත්වය දැරීමටත්, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමටත් ජොන්සන්ට හැකි වනු ඇතැයි පැවැසෙයි.

බ්‍රිතාන්‍යය දරුණු ලෙස කොවිඩ් වසංගතයෙන් බැටකද්දී, සෞඛ්‍ය නිර්දේශ අනුව, අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ රජය ලොක්ඩවුන් තහංචි පැනැවීය.

එසේ රට ලොක්ඩවුන් කර තිබියදී අග්‍රාමාත්‍ය ජොන්සන් සිය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් මධුවිත සාදයක් සහ උපන්දින සාදයක් පැවැත්වීය. ඒ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේදීය.

විපක්ෂය මේ බව රටට හෙළි කළ අවස්ථාවේදී, කොන්සවර්ටිව් පක්ෂය අභ්‍යන්තරයෙන් ද දැඩි අප්‍රසාදයක් එල්ල විය. විපක්ෂය වන එක් වී, විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (1)

බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි

Ajith D.L Tuesday, 07 June 2022 09:38 AM

එංගලන්තෙ එහෛම උනත් ...... සුනිල් pereira Gypsies .... හරියටම කිව්වෙ කොහොමද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site