IMG-LOGO

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පනී

බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.රජය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50,365ක් බවයි.

පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයෙන් මරණ 595ක් සිදුව තිබේ. ඒ අනුව යුරෝපයේ මරණ 50,000 වාර්තා කළ ප්‍රථම රට බවට බ්‍රිතාන්‍ය පත්ව තිබේ.

මින්පෙර මරණ 50,000 සීමාව පසුකර තිබුණේ ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවයි.

"සෑම මරණයක්ම ඛේදවාචකයක්," යනුවෙන් අගමැති බොරිස් ජොන්සන් පැවසීය.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයේ සෑම මරණ 10කින්ම නවයක් වයස 65ට වැඩි පුද්ගලයන්ගේ බවයි.
අගුලු දැමීම ප්‍රමාද වීම සහ රෝගීන් ලුහුබැඳයෑම කාර්යක්ෂමව සිදුනොවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වසංගතය ආරම්භයේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 1.2ක් පමණ තහවුරු වී තිබේ.
පසුගිය පැය 24 තුළ නව රෝගීන් 22,950ක් වාර්තා විය.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 662 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site