IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බ්‍රිතාන්‍යයෙන් කොකේන් වාර්තාවක්

බ්‍රිතාන්‍යයෙන් මෙතෙක් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන කොකේන් ටොන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් උතුු මුහුදේ යාත්‍රාකරමින් තිබූ ටග් යාත්‍රාවක් වටලා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය පවුම් කෝටි 50ට වඩා වැඩි වටිනාකමකින් යුතු මේ කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකීය නාවික හමුදාව විසිනි.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ යාත්‍රාව තුර්කි ජාතිකයන් පිරිසක් විසිනි ගෙන යමින් තිබූ බවයි. එය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇබඩන්ෂයර් වෙරළට නාවික සැතපුම් 100ක් නැගෙනහිර මුහුදේදීය. මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි තුර්කි ජාතිකයන් නම දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය පැවසුවේ පළමුව කොකේන් ටොන් 2 ක් හමුවු බවත් පසුව කරණ ලද විමර්ෂණයේදී තවත් ටොන් එකක් සොයාගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු ඇමරිකාවේ නිෂ්පාදනයක් බවත් කැනරි දූපත් වලදී බෝට්ටුවලට පටවා ඇති බවත් විශේෂඥ මතයයි මීට ප්‍රථමයෙන් 2014 සැප්තැම්බර් මාසයේදී අයර්ලන්තයේ වයඹ දිග මුහුදේ දී යොට් එකක ප්‍රවාහනය කරමින් තිබු පවුම් කෝටි 15ක් වටිනා කොකේන් තොගයක් අත් අඩංගුවට ගෙන තිබිණි.

බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ විමශන නිලධාරි ජෝන් මැක්ගොවන් මාධ්‍යයට පවසා තිබුනේ ඉහළම පුහුණ්වක් ලත් නිලධාරින් කණ්ඩායමක් විසින් ඉතාමත් අසීරු තත්වයන් යටතේ මෙම ටග් යාත්‍රාව පරික්ෂාවට ලක්කල බවයි. ඒ අනුව විශාල ප්‍රමාණයක කොකේන් අත්අඩංගුවට ගැනීමට හැකිවු බව හෙතෙම පැවසීය.

බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය මගින් මෙම වැටලීම සිදු කර ඇත්තේ ප්‍රංශ රේගුව මගින් ලබාදුන් ඔත්තුවක් අනුව මත්ද්‍රව්‍ය තිබු යාත්‍රාව ඇබර්ඩින් වරාය වෙත ගෙන ගොස් සිදුකරණ ලද පරික්ෂාවකදීය.

සැකකරුවන් සියළුම දෙනාටම අපරාධ නීතිය (ජාත්‍යන්තර සහයෝගිතා ) 1990 පනත මගින් පාලන කරණ ලද මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ වරදට නඩු පවරණ බව බ්‍රිතාණ්‍ය රජය පවසයි.

මෙම පනත මගින් එක්සත් රාජධානියට නිති විරෝධි අන්තරාකාර මත්ද්‍රව්‍ය පිලිබඳ වියානා සම්මුතියට අනුව වෙනත් රටවල් හා එක්ව කටයුතු කිරීටම අවස්ථාව සැලසි තිබේ.

ප්‍රංශ රේගුව නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ ස්කොට්ලන්තයට නාවික සැතපුම් 60 ක්  නැගෙනහිරින් ටොන් 2 කට වඩා වැඩි ප්‍රමාණයක් පටවා ගත් යාත්‍රාවක් ඇති බවට තමන් විසින් බ්‍රිතාන්‍ය බලධාරින් දැනුම්ත් කළ බවයි. එක්සත් රාජධානියට විශාල ලෙස කොකේන් සැපයීම සිදුවන්නේ කොලොම්බියාව, හෝ වෙනිසියුලාව හෝ ඉක්වදෝරයෙන් බව එරට ආරක්ෂක අංශ පවසයි.

බ්‍රිතාන්‍යය යුරෝපයේ මත්ද්‍රව්‍ය සඳහා  වැඩිම ලාභදායි වෙළඳ පොලක් ඇති රටයි. බ්‍රිතාන්‍යයට වසරකට කොකේන්  ටොන් 25 ක් හෝ 30 ක් පමණ නීති විරෝධි ආකාරයෙන් ගෙන එනු ලබන බව ගණන් බලා තිබේ.



අදහස් (0)

බ්‍රිතාන්‍යයෙන් කොකේන් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site