IMG-LOGO

බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා

 
ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ හසන් ඩයබ්, හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් සහ පොදු කාර්යයන් සම්බන්ද අමාත්‍යවරුන් දෙදෙනකු වන යූසෙෆ් ෆෙනියානොස් හා ගාසි සයිටර් යන මහත්වරුන්ට එරෙහිවය.

ඔවුන් අගෝස්තු මස 04 වන දින සිදුවූ විනාශකාරී පිපිරීම සම්බන්දව අධිචෝදනා ලැබූ පළමු දේශපාලනඥයින් වන අතර ලෙබනන ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව අධි චෝදනා එල්ලවූ පළමු අවස්ථාව ද වෙයි.

නොසැලකිලිමත්කම හේතුවෙන් සියගනනක් මරණයට පත්වීම සහ තවත් දහස් ගනනකට තුවාල සිදුවීම යන චෝදනා මොවුන්ට එල්ලවී තිබේ.

වසර ගනනාවක් තිස්සේ බීරූට් වරාගේ ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් පොහොර ටොන් සිය ගනනක ගබඩාවක් මෙලෙස පුපුරා ගියේය. මේ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පොහොර තොගය බැහැර කිරීම කල් දැමීමට එරෙහිව සැකකරුවන්ට ලිඛිත දැනුම්දීම් කිහිපයක්ම ලැබී ඇති බවයි. විනාශකාරී පිපිරීම සහ එමගින් සිදුවූ දැවැන්ත හානිය වලක්වා ගැනීම සඳහා ඔවුන් අවශ්‍ය පියවර ගෙන නොමැති බවද එහි සඳහන් වේ.

සිද්ධිය සම්බන්ද පරීක්ෂණයේදී වරාය මහ රේගු නිලධාරීන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය සහ විදේශීය පාර්ශවයන්ගෙන් අපක්ෂපාත පරීක්ෂණයක් සඳහා ඉල්ලීම් ලැබුණ ද ලෙබනනය ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කළේය.

කෙසේවුවද මෙම පරීක්ෂණයේ මූලික විමර්ශන සඳහා ප්‍රංශයේ සහ ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ විශේෂඥයින් සහභාගී වී තිබේ.

අගෝස්තු 04 පිපිරීමෙන් පසුව එල්ලවූ මහජන විරෝධතා හමුවේ අග්‍රාමාත්‍ය හසන් ඩයබ් ඉල්ලා අස්විය.

(ඩේලි මේල් ඇසුරිණි - 085)



අදහස් (2)

බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා

Nihal Friday, 11 December 2020 03:04 PM

බීරූට් පිපිරීම පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් එහෙත් තියෙනවද?

:       0       4

fairoos Tuesday, 15 December 2020 08:19 AM

ලංකාවෙ පාස්කු ප්‍රහාරයට කාටත් චෝදනා නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site