
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමැතුවේය. ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමෙන් පසු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතුවේ පළමු වරටය.
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට, රූපවාහිනිය ඔස්සේ, බයිඩන් ජාතිය අමතමින් කියා සිටියේ, තමන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ, තමන් නිසා තම ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් ඇති වීම වැළැක්වීමට බවය.
තමන් උප ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළ උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහයෝගය දක්වන මෙන්, ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් ජනතාව අමතමින් ඉල්ලීමක් ද කළේය.
ජෝ බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ බයිඩන්ය. බයිඩන්ගේ පළමු ධුර කාලය ආරම්භ වූයේ 2021 වසරේ ආරම්භ විය. එම ධුර කාලය මෙම 2024 දී අවසන් වන අතර ඇමෙරිකන් ජනාධිපතිවරයකු ධුර කාල දෙකක් සම්පූර්ණ කළ හැකි බැවින්, මෙම නොවැම්බර් 5 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය. එහෙත්, බයිඩන්ගේ වයස ඔහුට බාධාවක් විය.
බයිඩන් ජනාධිපති ධුරයේ දිගටම රැඳී සිටීම නොකළ යුතු යැයි ඩිමොක්‍රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වූ අතර, මේ නිසා පක්ෂයේ බෙදීමක් හටගත්තේය. බයිඩන්ට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගෙන් ද බලපෑම් එල්ල වූයේ ජනපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, ඒ සඳහා වෙන කෙනකු නම් කරන මෙන් ඉල්ලා සිටියේය.
බයිඩන් ඉකුත් සතියේ යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනුණි. වෛද්‍ය උපදෙස් අනුව බයිඩන්, ධවල මන්දිරයෙන් පිටවී, ඔහුගේ ඩෙලවෙයාර් ජනපදයේ ඔහුගේ නිවසට ගොස් විවේකීයව ගත කළේය.
වෛද්‍යවරුන් පැවැසුවේ, බයිඩන් යළි ධවල මන්දිරයට පැමිණියේ ඇන්ටජන් පරීක්ෂණයකට යොමු වී, තව දුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වී, ‘මම දැන් සුවෙන්’ යැයි පවසමිණි.
ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් තමන් කිසිම අවස්ථාවක ඉවත් නොවන බව කී බයිඩන්, එල්ල වුණු බලපෑම් මැද අපේක්ෂතත්වයෙන් ඉවත් විය. ඒ අනුව, මෙම වසරේ සිය පළමු ධුර කාලය අවසන් වීමෙන් පසු බයිඩන්ගේ ජනාධිපති ධුරයෙන් සමුගනු ඇත. ප්‍රතිවාදී රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ජනාධිපති වුවහොත්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වනු ඇති බවත්, එසේ වීමට ඉඩ නොදී, ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ගේ ජය තහවුරු කළ යුතු බව ද ජනාධිපති බයිඩන් පෙන්වා දුන්නේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බයිඩන් ජාතිය අමතයි