IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බයිඩන්ට කේන්ති ගිහිල්ලා

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ දුරකතන කතාබහක් අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කෝපයට පත් වුණු බව එරට මාධ්‍ය අනාවරණය කළේය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කෝපයට පත් වී ඇත්තේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී තව තවත් ඇමෙරිකාවෙන් යුද ආධාර ඉල්ලා සිටි බැවින් යැයි ඇමෙරිකාවේ එන්.බී.සී. පුවත් නාළිකාව පැහැදිලි කර තිබේ. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතරේ මෙම දුරකතන සංවාදය පැවැත්වූ බව පැවැසෙන්නේ පසුගිය ජූනි 15 වැනිදාය.

රුසියානු ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

ඒ, යුක්රේනය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සමීප වෙමින්, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සංධානයයි.

රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළ අවස්ථාවේ පටන් යුක්රේන හමුදාවට යුද ආධාර මෙන්ම යුක්රේන රජයට මානුෂීය ආධාර ලබා දීමට බයිඩන් පරිපාලනය කටයුතු කළ අතර, බයිඩන් යුක්රේනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සියලු යෝජනාවලට ‘කොංග්‍රසයේ’ (ඇමෙරිකන් පාරිලිමේන්තුව) අනුමැතිය හිමිවිය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, රුසියන් හමුදා ප්‍රහාරවලට මුහුණ දීමට යුක්රේන හමුදාවට ලබා දී ඇති යුද ආධාර ප්‍රමාණය මේ වනවිට ඇමෙරිකන් ඩොලර් බිලියන 18.5 ඉක්මවයි.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට, පසුගිය ජූනි 15 වැනිදා, ඇමෙරිකන් ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිට දුරකතන ඇමැතුමක් දී ඇත්තේ, තවත් බිලියනයක ආධාර යුක්රේනයට ලබා දෙන බව පැවැසීමටය.

කෙසේ නමුත් දුරකතන ඇමතුම ආරම්භ වූ අවස්ථාවේ පටන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම බයිඩන්ගෙන් තව තවත ආධාර ඉල්ලා තිබේ. බයිඩන්ට කේන්ති ගොස් ඇත්තේ මේ නිසාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

බයිඩන්ට කේන්ති ගිහිල්ලා

Drhopes Tuesday, 01 November 2022 01:27 PM

කේන්ති ගියා නම් හොඳයි. කේන්ති ආවෝත් තමයි මෙයාගේ වයසෙ හැටියට ජීවිත අවධානමක් බවට පත්වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site