IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි

ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, බයිඩන්ගේ එම යෝජනාවට විරෝධය පළ කළේ ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය.

ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට පහර දීම ආරම්භ කළේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය. ගාසා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරලින් මේ වනවිට පලස්තීනුවන් 25,00 ක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. හමාස් සංවිධානය සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. හමාස් සංවිධානය ජනවරමකින්, ගාසා තීරයේ බලයට පත්වූයේ 2007 දීය.

හමාස් සංවිධානය අඩපණ කිරීමෙන් පසු, ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගන්නා බවත්, ගාසා තීරයේ බලය, ඊශ්‍රායල හිතවාදී පාර්ශ්වයකට ලබා දීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ එරට ආරක්ෂක කවුන්සිලය අවධාරණය කර තිබේ.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, කොන්දේසි විරහිතව ඊශ්‍රායලට සහාය දක්වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී ඇත්තේ, ගාසා තීරයේ සටන් අවසන් වූ පසු, පලස්තීනුවන් වෙනුවෙන් ද්වී රාජ්‍ය විසඳුමක් යටතේ වෙනම පාලන ප්‍රදේශයක් වෙන් කර දීමට තමන් යෝජනා කරන බවය. නෙදන්යාහුගේ දැඩි විරෝධය ඊට ප්‍රසිද්ධියේම එල්ල විය.

ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය බිහිවූයේ, පලස්තීන මුස්ලිම් වැසියන්ගේ පාලන ප්‍රදේශය දෙකඩ කරමිනි. අද පලස්තීනය යනුවෙන් රටක් නැත. පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේත් බටහිර ඉවුර නමින් හැඳින්වෙන ප්‍රදේශයේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site