IMG-LOGO

බාමින් පිළිම වැනසුවත් බොදු වැඳුම් පිදුම් එලෙසමයි

වසර 13කට පෙර, ඩයිනමයිට් සහ මෝටාර් තුවක්කු උපයෝගී කරගෙන විනාශ කර දැමු  බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව, ඇෆ්ගනිස්ථානයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි වයස අවු 80ක් ඉක්මවූ සරණාගත කාන්තාවක් පැවසුයේ එම ප්‍රතිමා වනසද්දී ආහාර පවා නොගත් බවයි.

 ඇය ඇතුලු පවුලේ අය  ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට වැදුම් පිදුම් කර ඇති බවත්, එය නතර කළේ ඇයගේ වයස අවු විසි ගණන් වලදී බවත්, පසුව තමන් අප්‍රසිද්ධියේ තම මිත්තනිය සමග තම නිවසේදී  බෞද්ධ වැදුම් පිදුම් කළ බවත් ඇය කියා සිටියාය.

 ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ  විනාශ කළ දිනවල තමන් ඇතුළු පවුලේ අය නිරාහාරව සිටි බවත්, ඕස්ට්‍රේලියාවට පැමිණි පසුව නිදහසේ බෞද්ධ කටයුතුවල යෙදෙන බවත් දැනට ඇය වියට්නාම් භික‍ෂූණියක් සමග භාවනා කටයුතු කරගෙනයන බවත් ඇය  කීවාය.

ලෝක බෞද්ධයාගේ ගෞරවාදරයට ලක්ව තිබූ, පස්වන ශතවර්ෂයේ දී පමණ ගන්ධාර කලාවට අනුව නිර්මාණය කළ, අඩි 175 පමණ උසකින් යුත්, ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේව, ලෝක නායකයන්ගේ ඉල්ලීම් පවා තුට්ටුවකටවත් මායිම් නොකොට, අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ බලපෑම මත විනාශකර මාර්තු මස 11 වන දිනට හරියටම වසර 13කි.  

 



අදහස් (0)

බාමින් පිළිම වැනසුවත් බොදු වැඳුම් පිදුම් එලෙසමයි

පුජිත Saturday, 15 March 2014 08:44 AM

කරන කලට පව් මිහිරිය මි සේ ...... (දී)

:       0       0

මුදිත Saturday, 15 March 2014 09:21 AM

බුදු දහම වනසන්නට කාටවත්ම බැහැ ලෝක දහම එයයි (දී)

:       0       0

භානු Saturday, 15 March 2014 09:27 AM

පින් ඇති කාන්තාවක්. අපිට වැඩිය ඉක්මනට සසර කතරින් එතෙර වේවි. (දී)

:       0       0

සිරි Wednesday, 19 March 2014 02:52 PM

පාල , අපි ඇමරිකන් කාරයට හොඳ පාඩමක් උගන්වමු . ටික දවසක් ඇදුම් මහන්නේ නැතිව ඉමු එතකොට ඇමරිකාව ඇඳුම් අඳින නැතිව ඉදී . ලංකාව නිදහස ලබල මෙපමණ කල් ගිහිල්ලත් දියුණු කරන්න බැරිව ගිහිල්ල තියෙන්නේ ඔය වගේ පරාධීන මානසිකත්වය ඇති උදවිය ලංකාවේ ජීවත් වීමයි , ලංකාවේ ත්‍රස්තවාදය නැති කලා වගේම ඔය වගේ සුදු සෙවනැලි නැති නොකලොත් අප සමද අඳුරේ .(අ)

:       1       0

පිටිගල Saturday, 15 March 2014 10:14 AM

ඒ දිට්ඨධම්මවෙදනීය කර්ම විපාකය ඇෆ්ගනිස්ථානය තවමත් විඳිනවා. (දී)

:       0       0

නසුර්දින් නිසම්බිල් Sunday, 16 March 2014 02:01 PM

බටු ගෙදර- ඇමෙරිකාව අපේ දෙවියා. නැහැ නැහැ මේ ප්‍රතිමා විනාශ කිරීමට ඇමෙරිකාව සම්බන්ධ නැහැ කියා කිවහැක්කේ කාටද? (දී)

:       0       0

විජේසිංහ Wednesday, 19 March 2014 04:44 PM

පාල අයියේ, මටත් ඇමරිකා වීසා ලැබුනොත් මමත් යනවා. ඒ ගොල්ලෝ අපෙන් ඇදුම් ගන්නවා කියල එයාල කරන හැම දේම හරි කියල කියන්න බෑ. ඇමරිකන් කාරයෝ වියට්නාමයට ගහපු එක හරිද ? ලංකාවට කෙනෙහිලි කම් කරන එක හරිද ? (නදී)

:       0       0

නුවන් Sunday, 16 March 2014 03:25 PM

කෝ අපේ මුසල්මානු සහෝදරයෝ මේකට කමෙන්ට් දන්නේ නැද්ද? (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 20 March 2014 04:23 AM

ඔය අය ඔය ප්‍රතිමා විනාශ කළේ මට මතක විදිහට 1996 නැතිනම් 1997. ඒ අයටත් වැඩිකල් යන්න ඉස්සර විපාක හම්බ උනා. මෙවැනි මිලේච්චයන් ඉන්න රටකට ශ්‍රමිකයෝ යවන්න අපේ පාලකයෝ කතා කරනවා.(නදී)

:       0       0

ඩී උපුල් Tuesday, 18 March 2014 08:28 AM

අපේ අය ගිවිසුම් ගහන්නේම ලෝකේ හිඟන්නෝ එක්ක.(නදී)

:       0       0

සරත් Saturday, 15 March 2014 04:07 PM

ඒ අයට ලැබුනා දඩුවම් ඇමරිකාවෙන් (දී)

:       0       0

හිල්මි සමදරා Wednesday, 19 March 2014 06:18 PM

අවුරුදු සිය ගණනක්, තලේබාන් මුලධර්මවාදීන් ඔය ප්‍රතිමා ආරක්ෂා කළා නැතහොත් ඒවාට කිසිදු හිරිහැරයක් කලේ නැහැ. මේ ගැන ඔවුන්ට මා ස්තුති වන්ත වනවා නමුත් සිදු කල හානියනම් විසාලයි. (දී)

:       0       0

චන්න Thursday, 20 March 2014 07:50 AM

මේකට අදහස් දාන සමහර අයට මෑත ඉතිහාසයවත් මතක නැ. මේ පිළිම අන්තවාදීන් විනාශ කලේ 2001 මාර්තු වල ඇමෙරිකාව ආක්‍රමණය කලේ 2001 ඔක්තොම්බෙර් වල. මේ පිළිමේ ඔලුව මුලින්ම විනාස කලේ 18 වෙනි සියවසේ.(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 18 March 2014 11:08 AM

මම දන්නා විදිහට තලයිබාන්, අල් කයිදා, බින් ලාඩන් මේ ඔක්කොම ඇමරිකානුවෝ බිහි කරපු අයයි.(නදී)

:       0       0

අනුරාධ. Saturday, 15 March 2014 05:36 PM

මුදිත,ඔබ හරියටම හරි.ඒ පින්වත් මෑණියන්ට සසර කෙලවර අමාමහ නිවන් සුවයම අත්වේවා! (අ)

:       0       0

බටු ගෙදර Saturday, 15 March 2014 07:09 PM

ඇමෙරිකාව අපේ දෙවියා. (අ)

:       0       0

ගාල්ලේ සිංහයා Saturday, 15 March 2014 08:37 PM

ඉක්මනට සසර කතරින් එතෙර වේවි.(දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 15 March 2014 09:39 PM

පසුගිය සතියේ ඇෆ්ගන් ජනාධිපති තුමා මෙහෙ අවවෙලාවේ ඇෆ්ගනිස්ථානයේ ජිවත්වන බෞදයින් ගැන කව්රුත් ඇහුවේ නැහැ , (දී)

:       0       0

රාණි Monday, 17 March 2014 05:10 AM

ඇෆ්ගනිස්තානෙට ඇමරිකාව ගහන්ට කලින් සෝවියට් රුසියාවෙන් අවුරුදු දහයක් එක දිගට ගැහුවා. ලංකාවේ ඉන්න රුසියන් පුරෝහිතලා මීක් සද්දයක් නොකර හිටියේ ඒ දවස් වල. ඇමරිකාවෙන් ගහනකොට හරි හිතේ අමාරුයි කට්ටියට. ඒ ඇයි.? (නදී)

:       0       0

පද්මා Monday, 17 March 2014 05:13 AM

ද්‍රෝන නමැති දෙවිකෙනෙක් දැන් කාලයක් තිස්සේ හොඳට සලකනවා එහාට.... නිකන් නොවේ පොකුරු බෝම්බ වලින් සලකන්නේ.... පරමාණුවක් වගේ දෙකින් සැලකුවත් මන් නම් අනුමෝදන් වෙනවා හිතේ සතුටට.(නදී)

:       0       0

රීටා Monday, 17 March 2014 05:15 AM

ද කයිට් රනර් කියල ඉංග්‍රීසි පොතකුත් ඒ ඇසුරින් නිර්මාණය උනා. ලෝක ප්‍රසිද්ද චිත්‍රපටියක් තියනවා ඇෆ්ගනිස්තානේ ගැන. කැමති කෙනෙක් හොයල කියවන්න. චිත්‍රපටිය වටිනවා පොතට වඩා.(නදී)

:       0       0

රානි Monday, 17 March 2014 05:19 AM

තමන්ගේ ඊනියා ඇමරිකන් විරොදේ හරි කියල ඔප්පු කරන්ට ඉස්සරලා ඉතිහාසේ විකෘති නොකර කියවලා ඉන්ට. ලෝකේ හෙරොයින් ආදායම කර ගත්තු, සහල් සහ තිරිඟු වගේ හැට අට ගුණයක් පොපි වගා කරන මේ අයට ගහන්නේ කව්ද?  උන්ට විරුද්ද වෙන්නේ මානසික රෝගියෝ.(නදී)

:       0       0

පාල Wednesday, 19 March 2014 09:21 AM

බොරු ඇමෙරිකන් විරෝධයක් මවන්න එපා විජයසිංහ. ලංකාවෙන් 3 න් 1 ක් ජීවත් වෙන්නෙත් ඇමෙරිකාවට ඇඳුම් යවලා. ඒක නැත්නම් වෙන විකල්පයක් කියන්න ( හැලප ෆැක්ටරියක් දම්ම්මොත් මුළු ආසියවටම හැලප දෙන්න පුළුවන් ද ? තව කියන්න දේවල් හුගක් තියෙනවා.(නදී)

:       0       0

සමන්ති Monday, 17 March 2014 06:11 AM

බුදු දහමේ සදහන් පරිදි සියලු දේවල් විනාශවන සුළුය. එයයි සත්‍යය.(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 18 March 2014 03:41 PM

ධම්ම ඔයා හරි. අවුරුදු දහස් ගණනක් ඇෆ්ගන් මිනිස්සු බුදු පිළිම ආරක්ෂා කලා. ඇමරිකන් කාරයෝ රිංගුවට පස්සේ තමයි මේ හැම දේම සිද්ද උනේ.(නදී)

:       0       0

ධම්ම Saturday, 15 March 2014 12:30 AM

මේ ප්‍රතිමා විනාශ කලේ ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට පහර දෙන්නට පටන් ගත්තායින් පසුවයි. එතෙක් කාලයක්, අවුරුදු සිය ගණනක්, තලේබාන් මුලධර්මවාදීන් ඔය ප්‍රතිමා ආරක්ෂා කළා නැතහොත් ඒවාට කිසිදු හිරිහැරයක් කලේ නැහැ. ඉතින් මේ ප්‍රතිමා විනාශ කිරීමට ඇමෙරිකාව සම්බන්ධ නැහැ කියා කිවහැක්කේ කාටද? (අ)

:       0       0

සුධීර Monday, 17 March 2014 09:00 AM

සමන්ති.... නැසෙන සුළුයි කියල.... බලෙන් අපි දේවල් නසන්න ඕන නැහැ. නිකන් දොඩවන්ට කලින් හිතන්න.මොකෝ උල්කාපාතයක් කඩා වැටිලා මේවා විනාස උනේ නැහැනේ... මානසික උන්මත්තකන්ට පිස්සු වැඩි උනා මිසක. එහෙම උන්ට ගහද්දි ඒ ගහන උන්ට විරුද්දව ලංකාවේ පෙළපාලි යන උන් ඊට වඩා පිස්සෝ...(නදී)

:       0       0

ලසන්ත Monday, 17 March 2014 09:02 AM

ලංකාවට පාකිස්තානේ හරහා එන කුඩු සියල්ලම ඇෆ්ගනිස්තානේ නිෂ්පාදිතයි. ලොව හොරොයින් නිෂ්පාදනයෙන් සියට අනුවකටත් වැඩිය ඇෆ්ගනිස්තානේ. අන්න එහෙම රටවලට අපේ කොල්ලෝ රස්සාවල් වලට අරින්ට ලැහැස්තියි.(නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 16 March 2014 07:31 AM

බල ලෝභී දේශපාලනය නිසා ලංකාවෙත් මෙවැනි තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා.(නදී)

:       0       0

සමන්ති Monday, 17 March 2014 07:32 PM

ලංකාවේ පෙරේදාත් කොතක් කඩලා කියල ප්‍රවෘත්තියක් තිබුනා නේද ?කෞතුකාගාරය කඩලා බඩු ගෙනිච්චා නේද ? මේ බෞද්ද රටේ. වෙනත් රටවල තියෙන ආගම් වල අය කඩනවාට කෑගහන්න ඉස්සෙල්ල අපේ රටේ ඒවා ගැන හොයන එක හොඳයි නේද ? (නදී)

:       0       0

නුවන් Monday, 17 March 2014 07:46 PM

අනිකුත් ආගම් වලට අසාදාරණව කටයුතු කරන රටවල් විනාශ විය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 35 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 474 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 56 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 33 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 86 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 2724 4

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1383 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site