IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බින් ලාඩන්ට ආගමානුකූල භූමදානයක් දුන්බව එලිවෙයි.

මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප‍්‍රසිද්ධියට පත්විය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති ආයතනය එම තොරතුරු ලබා ගත හැකිවිය. ඇමෙරිකා හමුදා අතර හුවමාරුවූ විද්යුත් ලිපි (ඊමේල්) ප‍්‍රසිද්ධියට පත්විය.  ඒ අනුව බින් ලාඩන්ට ඉස්ලාමිය  ආගමානුකුල ගෞරවනීය භුමදානයක් දුන් බව එම ලිපි කියයි. 2011 මැයි මස 1 වෙනි දින පකිස්තානයේ අබෝටහාඞ් හිදි ඇමෙරිකා නාවික හමුදා විශේෂ භට කණ්ඩායමක් විසින් සිදුකැරුණු මෙහෙයුමකින් බිල්ලාඩන් ඔහු සිටි නිවසේදීම වෙඩි වැදී  මරුමුවට පත්විය. මෙම සිදුවීම සජීවිව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු රජයේ උසස් නිලධරයෝ ඔහුගේ නිල කාමරයේ සිට බලා සිටියහ. රහස්‍ය යනුවෙන් සඳහන් කොට 2011 මැයි 2 වැනි දින යවා ඇති දැනට එළිවී ඇති  ඊමේල් ලිපියක  සඳහන්ව  ඇත්තේ බින්ලඩාන් ගේ සිරුර ආගමානුකූලව සෝදා පිරිසිදුකර  සුදු වස්ත‍්‍රයකින් ඔතා කිසියම් බරක් යෙදු මල්ලක තැන්පත්කර මුහුද මැදට අත්හල බවයි. කලින් පිළියෙල කැරුණු  පාඨයක්, අරාබි භාෂාවෙන් කියවන ලද බවත් මෙම අවස්ථාව වෙනත් කිසිවකු නොදුටු බවත් ඡායාරූප හෝ වීඩියෝ රූප නොගත් බවත් එහි දක්වා ඇත. බින්ලාඩන්ගේ භූමදානය සිදුකර ඇත්තේ කාල් විල්සන් නම් වූ සුවිසාල යුදනැවේදීය. ඊට සම්බන්ධවූ දෙතුන් දෙනා හැර අනෙකුත් නැවියන් කිසිවකුට එය දැකගැනීමට ලැබී නැත. පසුගියදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයකට කලින් බින් ලාඩන් මරාදැමීම අලලා නිෂ්පාදනය කැරුණු වෘත්තාන්ත චිත‍්‍රපටයත් ඇමෙරිකානු රූපවාහිනි නාලිකාවලින්  විකාශනය  විය. එමගින් බරක් ඔබාමාට  අසාධාරණය වාසියක් ලැබුන බව ඔහුගේ විරුද්ධවාදිහු චෝදනා  කළහ. ඔසාමා බින් ලාඩන් ඔසාමා තම නිවසේ සිට රූපවාහිනිය නරඹයි ඔසාමා සිටි නිවසේ ඇතුළත ඔසාමා සිටි නිවස ප‍්‍රහාරයෙන් පසු බින්ලාඩන්  සිටි නිවාසය. ඇමෙරිකා ඔත්තු සේවයේ පින්තුරයක් බින්ලාඩන්  සිටි නිවාසය. ඇමෙරිකා ඔත්තු සේවයේ පින්තුරයක් ප‍්‍රහාරයේදී ඇමෙරිකා හෙලිකොප්ටරයක් විනාශ විය. කාල් වින්සන් නම් වූ සුවිශාල යුද නැව බින්ලාඩන් මරා දැමූ අන්දම බාලා සිටින බරක් ඔබාමා ඇතුළු කණ්ඩායම



අදහස් (0)

බින් ලාඩන්ට ආගමානුකූල භූමදානයක් දුන්බව එලිවෙයි.

අමිල කටුනායක Saturday, 24 November 2012 07:17 AM

ඔසාම වැරදිම නෑ , ඔහුව ඔය තත්වෙට පත්කල අයටයි දඩුවම් කල යුත්තේ (ස)

:       0       0

ෂිරාස් Friday, 23 November 2012 04:47 PM

මධූගේ ගෙදර මරණයක් සිද්ධ වුනොත් මෝරුන්ටද කන්න දාන්නේ? (නි)

:       0       0

සනත් - හලාවත Saturday, 24 November 2012 06:50 PM

මමත් හදලා දෙන්නද ඔය වගේ ඊ මේල් පණිවුඩයක්? ඇමරිකාව ලාඩන් එක්ක තිබ්බ තරහේ හැටියට මම නම් කවදාවත් ඕක විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

ගුණරත්න Friday, 23 November 2012 11:55 AM

අනේ මටනම් තේරෙන්නෑ මේවා (ස)

:       0       0

මාධව Sunday, 25 November 2012 01:33 PM

අපිට මොකද

:       0       0

අසංක Friday, 23 November 2012 05:18 PM

අපිට මොකද මොනවා කලාම

:       0       0

මාරසිංහ Friday, 23 November 2012 12:23 PM

මට නම් වැඩක් නැහැ (දී)

:       0       0

මොහාන් Friday, 23 November 2012 05:47 PM

වරදක් කළා නම් ඊට නිසි දඩුවම දෙන්න ඕනේ කියල තමයි මම හිතන්නේ

:       0       0

නයගර Saturday, 24 November 2012 08:49 PM

හරි ශෝක්නෙ

:       0       0

ෂෙරීෆ් Friday, 23 November 2012 12:24 PM

මුළු ලෝකයම සෙලවූ මිනිසා ස්වර්ගයට යයි (ස)

:       0       0

නලින් Monday, 26 November 2012 08:44 AM

ඒක හොද වැඩක්

:       0       0

මුතුකුඩ Friday, 23 November 2012 07:37 PM

ඔය තරම් බය තිබුණොත් ඇති. (නි)

:       0       0

මධූ Friday, 23 November 2012 01:55 PM

එහෙමද ?? නැත්නම් මොරුන්ට දානයක් දුන්නද ?? (ස)

:       0       0

ෆෙරෝස් Friday, 23 November 2012 08:56 PM

ඇත්තයි. ඒත් පුදුමයි. (නි)

:       0       0

බිමල් Sunday, 25 November 2012 07:11 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

ලාල් Saturday, 24 November 2012 02:07 PM

කළා නම් හොදයි

:       0       0

ලාල් Friday, 23 November 2012 09:45 PM

අපිට මොකද

:       0       0

චමින්ද Friday, 23 November 2012 09:57 PM

ෂුවර්ද

:       0       0

ශානක Friday, 23 November 2012 10:04 PM

අයියෝ සල්ලි කවුද දන්නේ

:       0       0

සිල්වා Sunday, 25 November 2012 10:17 AM

කාට මොනවා කියන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site