එක්සත් රාජධානිය තුළ භාවිතයට අවසරය හිමි වූ ‘කොවිඩ්-19’ එන්නත විධි තුනක් යටතේ බෙදාහරින බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් අද (2) පැවැසීය.
එරට ‘ස්කයි නිව්ස්’ පුවත් සේවයට අදහස් දක්වමින් මැට් හැන්කොක් ඒ බව පැවැසීය.
රට පුරා රෝහල් 50කට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඉන් එනතුරුව එන්නත් මධ්‍යස්ථානවලින් සහ ප්‍රජා මට්ටමින් එන්නත ලබාදෙන බවත් හෙතෙම කීය.
එක්සත් රාජධානිය මේ වනවිට විශාල එන්නත් මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති ජනතාවට එම ස්ථානවලට පැමිණ එන්නත ලබාගත හැකි ය.
රටපුරා රෝහල් 50ක් මේ වනවිට එන්නත ගබඩා කිරීම, බෙදාහැරීම යනාදී සමස්ත ක්‍රියාවලියට සූදානම් කර ඇති බවත් ඒවායේ අවශ්‍ය පහසුකම් සියල්ල ස්ථාපිත කර ඇති බවත් මැට් හැන්කොක් පැවැසීය.
ප්‍රජා මට්ටමින් ද එන්නත ලබාදෙන අතර වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් ඒ සඳහා සූදානම් කර ඇති බවත් ඔහු කීය.
මෙම එන්නත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 70ක ගබඩා කළ යුතු අතර ඒ අනුව එවැනි පහසුකම් ඇති ස්ථානවල සිට ද එන්නත ලබාදෙන බවත් බොහෝ දුරට එවැනි ස්ථාන ප්‍රජා මට්ටමින් එන්නත ලබාදෙන ස්ථාන බවට පත් කරන බවත් මැට් හැන්කොක් පැවැසීය.
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම අත්හදා බලමින් සංවර්ධනය කෙරෙන එන්නතට ද ඉදිරියේදී අවසරය ලැබෙනු ඇතැයි ද හැන්කොක් මෙහිදි සඳහන් කළේය. එම එන්නතට ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නතට අවශ්‍ය තරම් ශීතාගාර ගබඩා පහසුකම් අවශ්‍ය නොවන අතර බෙදාහැරීම ද ඉතා පහසු ය.
එක්සත් රාජධානියේ එන්නත් සහ ප්‍රතිශක්තීකරණ ඒකාබද්ධ කමිටුව එන්නත ලබාදෙන ප්‍රමුඛතා ලැයිස්තුව අද (2) දිනය තුළ සකස් කරනු ඇතැයි ද හැන්කොක් කීය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බෙදා හැරීමට අවසර හිමි වු එන්නත විධි තුනකින් බෙදා හරින බව එක්සත් රාජධානිය කියයි