IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බෝතල මුඩිය රන් පොල්ලක් වේ

බඩ රුජාවක් යැයි කියමින් රෝහලට ඇතුළත්වූ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ බඩෙහි තිෙබී රන් පොලූ 12 ක් සොයාගැනීමට ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක වෛද්‍යවරු සමත්වූහ.

බිරිද තමන් සමග කළහ කරගැනීම නිසා ඇයගේ සිත රිදවීමට තමන් බෝතල් මූඩියක් ගිල්ලේ යැයිද එය ගිල දැමූ වේලාවේ පටන් බඩ රිදීමට පටන්ගත්තේයැයිද මෙම පුද්ගලයා වෛද්‍යවරුන්ට පවසා තිබේ.

වහාම එක්ස් රේ කිරණ පරීක්ෂාවක් සිදුකර ඇති වෛද්‍යවරුන්ට ඔහුගේ කුසයේ බෝතල් මූඩියක් තිබෙන බවක් නම් හදුනාගත නොහැකිව ඇත.ඒ වෙනුවට එක්ස් රේ පටයේ සටහන් වී ඇත්තේ කුසෙහි රැදී තිබෙන බවක් පෙනුනු පටියක් වැනි ව්‍යුහයකි.

ඒ කුමක්දැයි සොයාබලා එය ඉවත් කර දැමිමට එම පුද්ගලයාගේ උදරය කපා සැත්කමක් සිදුකර ඇති වෛද්‍යවරුන් පිරිස මවිතයට පත්ව ඇත්තේ උදරයේ රැදී තිබුණු රන් පොල්ලක් දැකීමෙනි.එය ඉවතට ගැනීමට යාමේදී එකක් පසුපස එකක් බැගින් රන් පොලූ දොළහක්ම සොයාගැනීමට හැකිවීම වෛද්‍යවරු පිරිස මවිතයෙන් මවිතයට පත්කිරීමට සමත්ව ඇත්තේය.

මේ සම්බන්ධයෙන් වහාම පොලිසිය දැනුම්වත් කිරීමට රෝහල් පාලනාධිකාරය කටයුතු කර ඇත.රන් පොලූ තොගය දැන් තිබෙන්නේ පොලිස් භාරයේය.

එක් රන් පොල්ලක් ග‍්‍රෑම් 33 ක් පමණ බරකින් යුතු වන්්නේයැයි සදහන්ය.

සැත්කමින් පසු සුවය ලබමින් සිටිනා ‘‘බෝතල් මූඩියකැයි වැරදීමකින් රන් පොලූ ගිල දැමූ‘‘ පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමට පොලිසිය සූදානමින් සිටී.



අදහස් (0)

බෝතල මුඩිය රන් පොල්ලක් වේ

ශාන්ති Thursday, 24 April 2014 12:38 AM

අනේ! මටත් ආසා හිතුනා බෝතල් මුඩියක් ගිලින්න (නි)

:       0       0

නිමල් පෙරේරා Thursday, 24 April 2014 08:02 AM

මෙම පුද්ගලයා රත්රන් සුරක්ෂිත කරන ආයතනයක ඉහල නිලයක් දරන පුද්ගලයෙක් විය හැකි. (ස)

:       0       0

කුමාරි Wednesday, 23 April 2014 08:17 PM

නියමයි. එහෙම නම් බෝතල් මුඩියක් ලෙඩාගේ ඇද ළඟින් තියලා සැත්කම කළ අය රන් කැබලි බෙදා හදා ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site