බංග්ලාදේශයේ දිගම පාලම එරට අග්‍රාමාත්‍ය ශීක් හසීනා අතින් විවෘත කෙරුණි. පද්මා ගංගලාවට ඉහළින් මෙම පාලම ඉදි කර ඇත්තේ ඩකා අගනුවර සහ බංග්ලාදේශයේ නිරිතදිග පළාත් යා කරමිණි.
පාලම විවෘත කරමින්, අග්‍රාමාත්‍ය ශීක් හසීනා කියා සිටියේ මෙම පාලම ජාතියේ අභිමානය බවය. පාලම ‘පද්මා’ යනුවෙන් නම් කර තිබේ. කිලෝ මිටර් 6.15 ක් දිග පාලමේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2015 දීය. පාලම බංග්ලාදේශයේ නිරිතදිග පළාත් 21 ක් යා කරයි. ඒ, නිරිතදිග අධිවේගී මාර්ගය හරහාය.
ඇමෙරිකන් ඩොලර් බිලියන 4 කට වඩා වැඩි මුදලක් මෙම පාලම ඉදි කිරීමේ ව්‍යාපෘතියට වැයවී ඇති අතර, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් ද එල්ල වී තිබේ.
ලෝක බැංකුවේ සහාය පාලම ඉදිකිරීමේ කටයුතුවලට ලැබුණු නමුත් දූෂණ චෝදනා එල්ල විමත් සමඟ ලෝක බැංකුව සහාය දීම නතර කළේය.
ලෝක බැංකුව පමණක් නොව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය, ආසියානු සංවර්ධන බැංකුව ද පාලමට මුදල් ලබා දුන් නමුත් දූෂණ චෝදනා එල්ල වෙද්දී ඔවුන් ද බංග්ලාදේශ රජයට මුදල් දීම නවතා දැමීය.
(ඒ.එෆ්.පී.)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ