IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බංග්ලාදේශයේ තෙදින වැඩ වර්ජනය අවසන්

ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහ මැතිවරණයට පෙර, එරට අගමැතිනී ශීක් හසීනාගේ රජය ඉල්ලා අස් වී, අතුරු පාලන කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ඊට බලය පැවැරීමක් කළ යුතු යැයි බල කරමින් විපක්ෂයේ මැදිහත් වීමෙන් තෙදිනක් පුරා පැවැති දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනය ඊයේ (29) අවසන් විය.

වැඩ වර්ජනයට සමගාමීව බංග්ලාදේශයේ ඩකා අගනුවර, පසුගිය තෙදින පුරා දැවැන්ත විරෝධතා රැලිය ද පැවැත්වුණු අතර පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව ද වාර්තා විය. එම වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි වැදී තුවාල ලැබූ 10 දෙනකු රෝහල් ගත කළ බව ද පැවැසිණි.
වැඩ වර්ජනය සහ විරෝධතා සංවිධානය කළේ බංග්ලාදේශයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය වන කලීඩා ෂියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

බංග්ලාදේශ ජාතික පක්ෂය’ පවසා ඇත්තේ, රජයේ පාලනය යටතේ එළැඹෙන මහ මැතිවරණය පැවැත්වුවහොත්, ඡන්ද දුෂණ සිදුවීමට ඉඩ ඇති බවටය.


 

කැරැලි මර්දන පොලිස් නිලධාරිනියෝ.

 



අදහස් (0)

බංග්ලාදේශයේ තෙදින වැඩ වර්ජනය අවසන්

චමින්ද Wednesday, 30 October 2013 11:49 AM

මේ නිලධාරිනියෝ දැක්කහම අපිටත් කැරලි ගහන්න හිතෙනවා. (නදී)

:       0       0

ශාන්ත Wednesday, 30 October 2013 02:59 PM

කැරලි මර්ධනයට අපේ පොලිස් කාන්තාවෝ දැම්ම නම් ගොඩම තමා.එතන ගිහිනුත් කතා කරයි ඕපා දූප. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site