IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බංග්ලාදේශයේ ගින්නක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ඩකා ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති. තුවාලකරුවන් ඇතුළත් කළේ මෙම රෝහලටය.

ගින්න හටගත්තේ, ‘බේලි රෝඩ්’ නමැති සත් මහල් ගොඩනැගිල්ලේය. මෙහි බහුලව ඇත්තේ රෙදි පිළි අලෙවිසැල් සහ ජංගම දුරකතන අලෙවිසැල් වන අතර, ගොඩනැගිල්ලේ ඇති එකම බුරියානි අවන්හල බංග්ලාදේශ වැසියන් අතරේ අතිශය ජනප්‍රියය.

ගිනි නිවන හමුදාව පවසන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ මෙම අවන්හලෙනි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත. ගින්න හටගත්තේ ඊයේ (29) රාත්‍රී 10 ට පමණය.

ගින්න ඉහළ මහලවලට පැතිරෙද්දී, බොහෝ දෙනකු ගොඩනැගිල්ල මුදුණේ කොටුවුණු අතර එම පිරිස් බේරා ගැනීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(එන්.ඪී.ටීවී.)



අදහස් (0)

බංග්ලාදේශයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site