IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්

බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවය. කෙසේ නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන්ගේ එක හඬින් කියා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස මුහම්මද් යූනුස් ත් කළ යුතු බවය.

ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන්, ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මුහම්මද් යූනුස් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට කැමැත්ත ලබා දුන් බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්

ජයනාත් Wednesday, 07 August 2024 06:05 AM

අනාගත අභිවෘද්ධිය දකින ජනතාවක් සහ දේශපාලකයින් ඉන්න රටක්.... පැනලා ගියපු අගමැතිනි ආර්ථික සංවර්ධන කළාට අනෙකුත් සෑම අතකින් ම ෆේල්... විපක්ෂය මර්දනය දැඩිව කළා. විපක්ෂයේ අය සිරගත කළා. මේක ලංකාවේ අයට හොඳ පාඩමක්.. ආදර්ශයක් .

:       2       5

Athula Nagahaulla Wednesday, 07 August 2024 07:02 AM

ශ්‍රී ලාංකික ඔබට කළ නොහැකි වූ දේ ඔවුන් කලා දැනට, බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා.

:       2       13

Kamal Wednesday, 07 August 2024 07:17 AM

ලංකාවේ සර්වෝදයේ ආරියරත්න වගේම ඇමරිකාවෙන් පුම්බපු තවත් වැඩ බැරිදාස කෙනෙක්.මේකෙන්ම හරිම පැහැදිලියි මේ බල අරගල පිටිපස්සේ ඉන්න අදිසි හස්තය කවුද කියලා. හැබැයි සාපේක්ෂව ලංකාව ඇතුළත වෙච්ච අරගලය ජනතාවාදී එකක් සහ මුල් අවස්ථාවේ එය ජනමතය නියෝජනය වුණ එකක්.එහෙත් එය අවසන් වන විට දේශපාලන රූකඩ වල වේදිකාවක් වුණා පමණයි.ගෝඨාභයව එලවා නොදැමුවා නම් රටේ තත්වය අතිභයංකාර වීමට තිබුණා.

:       2       5

kalum Wednesday, 07 August 2024 09:20 AM

අපේ ලොක්කා වගේ වෙයිද දන්නේ නෑ

:       1       5

රංබොඩ Wednesday, 07 August 2024 09:29 AM

මෙතුමා උගතෙක් තමයි. දැන් ඔය N.G.O. නඩයට අහුවෙලා ඉන්න පරිනත නොවූ ජනයාට තේරෙයි පොතේ දැණුමත් ප්‍රායෝගිකත්වයත් අතර වෙනස. තව ටික කාලයක් යයි.

:       3       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site