
හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය විසින් බකිංහැම් මාලිගය තුළ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුව, එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අර්බුදකාරී සාකච්ඡාවල නිරත වූ බව එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි.
සියදිවි නසාගැනීමේ සිතුවිලි, ජාතිවාදය සම්බන්ධ කාරණා මෙන්ම එංගලන්ත කිරීටයේ උරුමක්කාරයන් සම්ප්‍රදායට කොටුවී සිටීම සම්බන්ධයෙන් ඇමරිකාවේ සුප්‍රකට රූපවාහිනී සාකච්ඡාවකදී මේගන් මේකල් සහ හැරී කුමරු දෙදෙනා හෙළිදරව් කළහ. සුප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන ඔපාරා වින්ෆ්‍රී සමඟ සසෙක්ස්හි ආදිපාදවරයා (හැරී කුමරු) සහ සසෙක්ස්හි ආදිපාදවරිය (මේගන් මේකල් මහත්මිය) එකට වාඩි වී සිටීමත් බොහෝ දෙනා විමතියට පත්කරන්නක් විය. එහෙත් මේ වන විට දෙදෙනාම රාජකීය තනතුරු අතහැර ඇති හෙයින් සසෙක්ස්හි අදිපාදවරයා හෝ අදිපාදවරිය ලෙසින් හඳුන්වනු නොලැබේ.
මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව, හැරී කුමරුන්ගේ අභාවප්‍රාප්ත මව වූ, ඩයනා කුමරිය විසින් 1995 දී ලොව සළිත කරවමින් කළ හෙළිදරව්වට පසුව එංගලන්තයේ බකිංහැම් මාළිගය දෙදරවූ සිදුවීමක් විය.
තම පියා වන චාල්ස් කුමරු තමන්ව “හුදෙකළා කරදැමූ” බවත්, තමන්ගේ දුරකථන ඇමතුම් වලට උත්තර දීම නතර කර ඇති බවත් හැරී කුමරු විස්තර කළේය. එංගලන්ත රජ කිරුළේ උරුමක්කාරයා වන චාල්ස් කුමරු මෙන්ම තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන විලියම් කුමරු යන දෙදෙනාම රජ පවුලේ සම්මුතීන් වලට “කොටු වී සිටින” බවද හැරී කුමරු මෙම රූපවාහිනී වැඩ සටහනේදී පැවසීය.
“ඔවුන්ට ගැලවීමක් නෑ... ඒ සම්බන්ධයෙන් මට විශාල අනුකම්පාවක් තියෙනවා” යයි හැරී කුමරුන් සීබීඑස් රූපවාහිනී සේවය ඔස්සේ ඉරිදා (7 වැනිදා) රාත්‍රියේ විකාශය කළ සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය. හැරී කුමරුන් එසේ පවසා සිටියේ එංගලන්තයේ රජ පවුලෙන් ඉවත්වී යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි.
එංගලන්ත රජ පවුලේ රාජකාරි වලින් පසුගිය වසරේදී ඉවත් වූ හැරී කුමරුන් සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් රජ මාළිගය හැරපියා ඇමරිකාවේ පදිංචියට ගියහ. කළු ඇමරිකානු සම්භවයක් සහිත, හිටපු රූපවාහිනී නිළියක වන මේගන්, රාජකීය පවුලේ ජීවිතයට සූදානම් නැති “අහිංසකාවියක” ලෙස ඇයම හඳුන්වා දුන්නාය.
තමන් සිය පළමු දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී, මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටි අතර උපදින්නට සිටි තම පුතාගේ සමේ පැහැය ගැන රජ පවුලේ අය නිල වශයෙන් සැලකිලිමත් වූ බවත් පැවසුවාය.
“මට... තවදුරටත් ජීවත්වෙන්න උවමනාවක් තිබුණේ නෑ” යයි ඇය ඔපාරා වින්ෆ්‍රීට පැවසුවාය.
මේගන් මේකල් මහත්මිය, තම පුතාගේ සම කෙතරම් අඳුරු වනු ඇත්ද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් බියවී සිටියාය.
ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම 2019 මැයි මාසයේ උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද මහරැජිනගේ මුණුබුරා වන හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.
“මම ගැබිනියක්ව සිටි ඒ මාසවලදී ... “ඔහුට ආරක්ෂාව දෙන එකක් නෑ... ඔහුට (රාජකීය) තනතුරක් දෙන එකක් නෑ...වගේ දේවල් අපි එක දිගට සාකච්ඡා කළා”. ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු විය හැකිද යන්න ගැනත් ඔහු උපදින්න පෙර ඉඳන්ම සාකච්ඡා ඇතිවුණා” යයි මේගන් ඔපාරා වින්ෆ්රිට පැවසුවාය.
ආචි කුමරුන්ගේ සමේ පැහැය සම්බන්ධයෙන් උනන්දු වූයේ කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට හැරී කුමරුන් මෙන්ම මේකල් මහත්මියද ඉදිරිපත් නොවූහ. එහෙත් වින්ෆ්‍රී පසුව කියා සිටියේ මේ වනවිට 94 හැවිරිදි වියේ පසුවන දෙවැනි එළිසබෙත් මහරැජින හෝ ඇයගේ ස්වාමියා වන 99 හැවිරිදි පිලිප් කුමරුන්ද මෙම සාකච්ඡා වලට සම්බන්ධ නොවූ බවයි.
රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් වාර්තා කෙරිණ. ඔවුන් කියා සිටියේ හැරී කුමරුන් සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.



- 2021 මාර්තු 9 දා 2021 (ලන්ඩන් - ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බකිංහැම් මාලිගය අර්බුදයක
Demuni Uduwara Tuesday, 09 March 2021 06:41 PM
සංස්කෘතික සීතල යුද්ධයක්.
sampath Thursday, 11 March 2021 05:05 PM
මාන්නාධික බවේ විපාක බුදුදහමේ විග්‍රහ කරලා තියෙනවා. මේ අයට තියෙන්නේ අධික පුහු මාන්නයක්... එය වර්තමානයට නොගැලපෙන්නක්... එය නැවත ඔප්පු වී හමාරයි.