බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි.
‘ඕබිටර්’ නවකතාවට පාදක වන්නේ, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින පිරිමි ගගනගාමීන් දෙදෙනකු සහ කාන්තා ගගනගාමීන් සිවු දෙනකු මුහුණ දෙන අත්දැකීම්ය. සමන්තා හාර්වි, ජනප්‍රිය ලේඛිකාවකි. ඇගේ නිර්මාණ මීට පෙර ද සාහිත්‍ය සම්මාන උළෙලවලදී ඇගයීම ලක්වී ඇත.
සමන්තා හාර්වි, ‘ඕබිටර්’ නවකතාව ඉතාමත් අලංකාර ලෙස රචනා කර ඇති බවත්, එය ඇගැයීමට ලක් කිරීමක් ලෙස මෙම වසරේ සමන්තාට බුකර් සම්මානය පිරිනැමීමට තීරණය කළ බවත් බුකර් විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරු එඩ්මොන්ඩ් දේ වාල් පැහැදිලි කර ඇත. 49 හැවිරිදි සමන්තා හාර්විට, ඩොලර් 64,000 ක ත්‍යාග මුදලක් හිමිවිය.
‘ඕබිටර්’ නවකතාව පිටු 136 කින් සමන්විතය. අඩු පිටු ගණනකින් යුත් නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, අභ්‍යවකාශයේ සිදුවීම් පෙළක් සහිත නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයකට යෑමට නියමිතය.
දකුණු සුඩානයේ ප්‍රාන්ත රෝහලකට සහ වෙළෙඳසැල පෙළකටත් බෝම්බ ප්‍රහාර එල්ල විය. ඒම ප්‍රහාරවලින් හත් දෙනකු මියගිය බවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාව හටගෙන ඇත්තේ ටෙක්සාස් ජනපදයේ එල්පැසෝ නගරය ආසන්නයේ යැයි මාධ්‍ය වාර්තා කරයි.
මෙක්සිකෝවේ අපරාධ කල්ලි මැඩලීමට තමන් හමුදාව එවීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අසල්වැසි මෙක්සිකෝවේ ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝ
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට