IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාප්තුමන් අද රෝහලෙන් යනවා

පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, අද (23) රෝහලෙන් පිටව යනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

88 හැවිරිදි පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. ඔහුගේ පෙනහළු ආසාදනය නිව්මෝනියා තත්ත්වයක් දක්වා දුරදිග ගිය අතර, වකුගඩු අක්‍රියවීමේ අවදානමක් ද පෙන්නුම් කළේය.

කෙසේ නමුත්, වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන්, පාප්තුමන්ගේ තත්ත්වය කෙමෙන් සුව අතට හැරුණු බව වාර්තා විය. අද (23) රෝහලෙන් පිටවී ගියත්, තව මාස දෙකක කාලයක් පාප්තුමන්ට විවේකීයව සිටීමට සිදුවනු ඇතැයි ද වතිකානය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

පාප්තුමන් අද රෝහලෙන් යනවා

Hira Sunday, 23 March 2025 11:03 PM

ඩොක්ටර්ලාට ජය වේවා! දෙවිවරු බංගවේවා!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site