පකිස්තානයේ සිඳී යන විදේශ සංචිත හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීන බැංකු සමූහයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් ලබා දී ඇති බවත් ඉදිරි දින කිහිපය තුලදී එම මුදල් පකිස්තානයට ලැබීම ආරම්භ වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පකිස්තාන රජය ණය ගිවිසුමට අත්සන් තබා ඇති අතර චීන බැංකු සමූහය ණය ගිවිසුමට අත්සන් තැබූ බව පැවැසෙයි.
ගිවිසුම් ප්‍රකාරව ඉදිරි දින කිහිපයේදී පකිස්තානයට මුදල් ගලා ඒම ආරම්භ වනු ඇති බව මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් ප්‍රකාශ කළේය.
චීන ජනාධිපති ෂී ජින්පින්,විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යි සහ චීන ජනතාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් පකිස්තානයට ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි සමාජ මධ්‍යයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
පකිස්තානය විදෙස් සංචිත හිඟ වීම හේතුවෙන් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රගතිය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදල ලබා ගැනීම සඳහා ගිවිසුම අත්සන් කළ බව නිවේදනය කළත් ගිවිසුමේ කොන්දේසි පිළිබඳ අනාවරණය කර නොමැති බව විශ්ලේෂකයෝ පවසති.
මෙම ණය මුදල සඳහා ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ, ශ්‍රී ලංකාව ගමන් කළ අඩි පාරේ පාකිස්තානයද අන්ධ ලෙස ගමන් කරමින් චීන ණය උගුලක පැටලීමට යන බවට පළවන වාර්තා මධ්‍යයේ වීම විශේෂත්වයකි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයට බිලියන 2.3 ක ණය මුදලක්